මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්‍ය්‍ය වඩමින්, නිවන් මඟ පුරන, ‘දක්ෂ’, ගිහි පැවිදි උතුමන්ට පමණක් මේ අහිංසක ව්‍යායාමය උපකාරයක්ම වේවා! ශක්තියක්ම වේවා! මාර්ගයක්ම වේවා! තම තමන්ට වැටහෙන ප්‍රමාණයට, තම තමන්ගේ ජීවිත වලට ගලපාගනිත්වා! අර්ථ හෝ ව්‍යාකරණ වැරදි ඇතොත් ඔබ නොකළ වරදකට නොගැටේවා! අනුනටද අනුකම්පා කෙරේවා! වැරදි නැතොත් නිවැරදි දෙය නිවැරදි ලෙස දකීවා! මෙහි සටහන් හැම අර්ථයක් තුළින්ම ඔබ සැමට යහපතක් වේවා! තමා තමාටම පිහිටකොට ගනිත්වා… යැයි උන්වහන්සේ ඒ පොත් පෙළ ඇරඹුමේ ලියා ඇත්තාහ.
සතර සතිපට්ඨාන ප්‍රවේශය
- පළමුව දෑස් හැර ලෝකය දෙස බැලුවෙමි. දෙවනුව දෑස් පියාගෙන ලෝකය අවබෝධ කළෙමි.
- බුද්ධ ශාසන ලක්ෂ ගණනක් ඔබට අතහැරුණු හේතුව මෙයමයි
කායානුපස්සනාව
- ඔබට තේරෙන භාෂාවෙන් කුණපයන් කියවන්න
- සැබෑ මිහිර විඳිනු පිණිස තිත්ත ඇත්ත දැකිය යුතුය
- කායානුපස්සනාවේ අරුත නොදැක්කහොත් අපත් තිරිසන් සත්ත්වයාත් එකම තැනකය
- පාලකයෙක්, පාලනයක් නැති වෙනසක උරුමය ද මේ කය
- ඔබේ අතීත මළ කඳන්ගොඩ මත මොහොතක් සක්මන් කරන්න
- ඔබ රූපලාවන්‍යාගාරයක් නොව කුණුවෙන සතර මහ ධාතුවක්මය
- සලායතන දැක්කොත් ඔබ මේ විලසින
- මස් ඇස විදර්ශනාවට ලක් කර ප්‍රඥාවේ ඇස මතු කරගන්න
- මහ පොළොවත්, ඔය සිරුරත් වෙන්වේවිද හැමදාමත්…
- කිසාගෝතමියට බුදුරජුන් දුන් කමටහන ඔබේ කමටහන කරගන්න
- අනිත්‍ය වන ඉරියව්වක් – නිත්යව ගත්තොත් උගුලක්
- සංවර වූ, හික්මුණා වූ ඉරියව් කාය, චිත්ත සමාධියට ඖෂධයක්මයි
- වේදනාවන්ගෙන් හටගත් මේ කඳුළු සාගරය නුවනින් දකින්න
වේදනානුපස්සනාව
- වේදනාවේ අනිත්‍යභාවය දකිමින් ජීවිතය භුක්ති විඳින්න
- කාලයේත්, ආහාරයේත්, රෝගයේත් යථා ස්වභාවය මෙසේ විචාරන්න
- සිනහවත්, කඳුලත්, උපේක්ෂාවත් වේදනාවේ අනිත්‍යභාවයෙන් ම දකින්න
චිත්තානුපස්සනාව
- සිත දුරගමන් යන විට, සිහිය නමැති දොරටුවට සෙමෙන් තට්ටු කරන්න
- මාරයාගේ ඇස් බැන්ඳුමෙන් නිදහස්වන ක්‍රමවේදය
- මාරධර්මයන්, උපක්රමශීලීව උපයෝගී කොට ගනිමින්, මාරධර්මයන්ටම පහරදීමේ ක්‍රමවේදයක් මට තිබුණා
- චිත්තානුපස්නාවෙන් ආවරණය නොවූ සිතට නිරයක් මැවිය හැක
- චිත්තානුපස්සනාවත්, අංගුලිමාල රහතන් වහන්සේත් ගලපන්න