මේ කල්‍යාණ මිත්‍රයාම යැයි ඔබට විශ්වාසයෙන් ම පැවසිය හැක

ධම්මානුස්සතිය – 4

මෙම උතුම් සද්ධර්මය තවත් කෙනෙකුට එන්න බලන්න යයි කීමට සුදුසු විවෘත ධර්මයක් . බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ විවෘතව බබළනවා. බුදුරජාණන් වහන්සේගේ රහතන් වහන්සේලාගේ ආර්ය ශීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව ආර්ය විමුක් තිය විවෘතව බබළනවා. තමා තුළින් දැරීමෙන් කල් නොයවා විපාක දෙනවා. සැඟවීමට දෙයක් නැහැ. සැඟවුනු තැන් නැහැ. මුලාවේ මිරිඟුවක් නැහැ. අවබෝධ ඤාණය තුළින්මයි මාර්ගය පරිපූර්ණ කිරීම තුළින්මයි ලෝකය තුළ ජීවත්වෙන්නේ. පූර්වේ නිවානුස් සති ඤාණය, වුතූපපාත ඤාණය දිව්‍යචක් ඛු, දිව්‍ය ශ්‍රෝත ඤාණ තුළින් දැකලයි බලලයි මේ උතුම් ධර්මය දේශනා කර තිබෙන්නේ.

ඔබේ ඇස දෙස බලද්දී සඟවපු දෙයක් නැහැ. සඟවන්න බැහැ ඇසේ ජරා, ව්‍යාධි, මරණ ලක්ෂණ විවෘතව පෙනෙනවා. ඔබේ ශරීරය දෙස බලද්දී ශරීරය සුබ දෙයක් යැයි ලෝකයාට බොරු කරන්න බැහැ. අසුබ දේවල් සඟවන්න බැහැ. මුත්‍ර, අසූචි, කබ, සොටු, දහඩිය විවෘතව පෙනෙනවා. පින්වත් නෝනලා මහත්වරු සිටිනවා. ඒ පින්වතුන් තම සුදු වෙච්ච හිස කෙස් ඩයි යොදා කළු කරනවා. ධර්මය සඟවන්නයි යන්නේ, නමුත් එම පින්වතුන් දිය නාන වෙලාවට ආයිමත් සුදු කෙස් විවෘතව පෙනෙනවා. ධර්මය බබළනවා, විවෘතව පෙනෙනවා.

පින්වතෙක් මෛත්‍රිය වඩනවා ඔහුගේ ශරීරය ප්‍රසන්න පැහැපත් වෙනවා. තව කෙනෙක් ද්වේශය වඩනවා ඔහුගේ ශරීරය රෝගී දුර්වර්ණ වෙනවා. උතුම් ධර්මය විවෘතව බබළනවා. එය ධර්මයේ ගුණයක් වෙනවා. සමාජය දෙස පින්වත් ඔබ හොඳින් බලන්න. සුගතිය, දුගතිය, දුප්පත්, පොහොසත් රූපී, විරූපී. උගත් නූගත්, මහේශාඛ්‍ය අල්පේශාඛ්‍ය, කුලවත් කුලහීන, සත්පුරුෂ අසත්පුරුෂ ධර්මයන් ඔබ දෑස ඉදිරිපිට විවෘතව තිබෙනවා.

එන්න ඇවිත් බලන්න ප්‍රතිඵල දකින්න. ඔබම තීරණය කරන්න ශ්‍රද්ධාව සකස් කර ගත්තොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා. සිල් රැක් කොත්, රූපය සුරකිනවා. සමාජයට ඇති බිය පහව යනවා. සිහි මුලා නොවී මැරෙනවා. සුගතියේ උපදිනවා. දන් දුන්නොත් ආයුෂ, වර්ණය, සැපය, බලය ලැබෙනවා. ධර්මයේ ඵලයන් ඇස් පනාපිට ම විවෘතව බබළනවා. මේවා බලලා, දැකලා, හිතලා ඔබ ම ධර්මය තුළට එන්න.

මෙය සටහන් තබන භික්ෂුවත් යම් කාලයක් සමාජයෙන් වසන් වෙලා අප්‍රකටව වැඩ සිටියා. එහෙත් භික්ෂුව ලෝකයාට විවෘතකළා. සඟවන්න බැහැ ධර්මය. සඟවලා තියන්න බැහැ ධර්මය. සඟවලා තියන්න බැහැ, ධර්මය ලෝකයාට විවෘත වෙනවා. එය ධර්මයේ උතුම් ගුණයක් . සත්ත්වයා තුළ අවිද්‍යාව තිබෙන තාක් කල් සංස් කාර රැස් වෙනවා, සඟවන්න බැහැ. අවිද්‍යාව නිරෝධය වූ කල සංස් කාරද නිරෝධය වෙනවා. ධර්මය විවෘතව බබළනවා.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය කිසිම පින්වතෙක් ව බලහත් කාරයෙන් තෑගි බෝග දීල උපක්‍රමශීලීව තම දහමට යොමුකර ගන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ නමක් තම උතුම් සම්මා සම්බුද්ධ ඤාණයෙන් මතු කොට ගන්නේ පින්වතුන්ලාගේ ඇසට පෙනෙන, කනට ඇසෙන, මනසට දැනෙන දුක, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස් ස, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක් වීම පංච උපාදානස් කන්ධය නිත්‍ය වශයෙන් ගැනීමේ දුක.

දුකට හේතුව තෘෂ්ණාව, තෘෂ්ණාව නිරෝධයෙන් දුක නිරෝධය වෙනවා. තෘෂ්ණාව නිරෝධය වන නිත්‍ය මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. හිරු, සඳු සේ ධර්මයේ අර්ථය විවෘතව බබළනවා. එන්න, බලන්න, දැන හඳුනා ගෙන පුහුණු කරන්න. ඔබම තීරණය කරන්න. කල්‍යාණ මිත්‍රයා සිටින්නේ මේ උතුම් ශාසනයේ පමණයි.

පටාචාරව බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණෙන්නේ නිර්වස් ත්‍රව පිස් සියක් හැටියටයි. ”නැගණිය සිහි එලවා ගන්න” යැයි බුදුරජාණන් වහන්සේ අමතන කොට ඇය තමා විසින් ම දකිනවා ”මේ නම් මගේ කල්‍යාණ මිත්‍රයා”ය කියල. මේ උතුම් කල්‍යාණ මිත්‍ර භාවය තුළ එහි රැකවරණයට පැමිණෙන ඕනෑම පින්වතෙකුට කුසලයේ රැකවරණය, නිරෝධයේ රැකවරණය ලැබෙනවා.

එම නිසා ඕනෑම කෙනෙකුට විශ්වාසයෙන් කියන්න පුළුවන් ප්‍රතිඵල ප්‍රත්‍යක්ෂ නිසා ම එන්න බලන්න, පුහුණුවෙන්න ඔබ ම අත් දකින්නය කියලා. මේ ගුණය ධර්මරත්නයේ උතුම් ලක්ෂණයක් .