නොබැඳෙන සිතක අවසානය අවබෝධයයි

සංඝානුස්සතිය – 6

එම භික්ෂුව මීළඟට පූර්වේනිවාසානුස් සති ඤාණය ඔස් සේ සිත මෙහෙයවනවා. පූර්වේනිවාසානුස් සති ඤාණය කියන්නේ, පෙර ජීවිත දැකීමේ ඤාණයයි. එම භික්ෂුව ඇලීම් ගැටීම් වලින් තොර, උපේක්ෂාව කියන තැනට සිත පත් කර ගෙන අරමුණ ඔස් සේ ක්‍රියාත්මක වෙනවා.

මෙතැනදී එම භික්ෂුව අරමුණු කරන්නේ වයස අවුරුදු දහයක පමණ පිරිමි දරුවෙක් . දරුවාට වයස අවුරුදු දහයක් වුණත්, එම දරුවා තවම ළදරු ගති ලක්ෂණයි, ප්‍රකට කරන්නේ. එම දරුවාගේ අහිංසක භාවය, කීකරු භාවය හොඳින් තිබෙනවා. හැබැයි, වගකීම් දැරීම අතින් හරිම දුර්වලයි. එම භික්ෂුව මේ ඈත ගමක ජීවත්වූ පින්වත් දරුවාගේ පෙර ජීවිතය පූර්වේනිවාසානුස් සති ඤාණය අරමුණු කොට බලනවා. එම දරුවාගේ රූපයත්, පෙර ජීවිතයේ උපතත් කියන කාරණා දකිමින්, නැවත නැවත දකිමින් ඒ අරමුණ ඔස් සේම සිත පිහිටුවමින් පූර්වේනිවාසානුස් සති ඤාණය දකිමින්ම සිත මෙහෙයවනවා.

යම් නිමේෂයකදී එම භික්ෂුවට තමන් නොදැනී යන අවස් ථාවක් එනවා. ඒ ක්ෂණයේදීම නළල් තලය අරමුණු කොට ගෙන රූපවාහිනි තිරයක දර්ශනයක් සේ අලි පැටවෙක් අරමුණු වෙනවා. ඒ කියන්නේ මේ දරුවා පෙර ජීවිතයේදී අලි පැටියෙක් . මනුෂ්‍ය ඇසුරේ කිරි බී වැඩුණු, මනුෂ්‍යයා උපාදානය කරගෙන මියගිය අලි පැටියෙක් . අලි අනාථාගාරයක වෙන්නත් පුළුවන්. ඇත් අතුරු සෙවණක වෙන්නත් පුළුවන්. පෙර ජීවිතයේදී එම අලි පැටියාගේ තිබුණා වූ සුරතල් ආදර ගති ලක්ෂණ මනුෂ්‍ය ජීවිතයේ, ළමා කාලයේදී මතුවී එනවා. එම පින්වත් දරුවා වයසින් මුහුකුරා යද්දී ළමා වියේ තිබූ ගති ලක්ෂණ වෙනස් වී පෞරුෂයෙන් යුත් ජීවිතයක් අයිති කොට ගැනීමට හැකියාව තිබෙනවා.

එම භික්ෂුව තමා මෙතෙක් නොලත් අත්දැකීමක් ලෙසින් සමාධියේ අත්දැකීම් ඔස් සේ තමා තුළින් තමා ම දකිනවා. භික්ෂුවක් හතරවැනි ධ්‍යාන තලය දක් වා සිත පුහුණු කොට තමන් ලබන අරූපාවචර ධ්‍යාන, චුතූපපාත ඤාණය, පූර්වේනිවාසානුස් සති ඤාණය, දිව්‍ය චක් ඛු ඤාණ, දිව්‍ය ශ්‍රෝත ඤාණ ආදිය පැවිදි ජීවිතයේදී ලබන හතරවැනි ඵලයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

පින්වත් මහත්මයෙක් භික්ෂුවගෙන් ප්‍රශ්නයක් විමසුවා, ‘ස් වාමීන්වහන්ස, යම් ගිහි හෝ පැවිදි පින්වතකුට දෙවියන් දර්ශනය වීමට, දෙවියන්ගේ හඬ ඇසීමට හතර වැනි ධ්‍යාන ඵලයට පත්විය යුතුද?‘ කියලා.

දෙවියන් දැකීමට, දිව්‍ය හඬ ඇසීමට හතර වැනි ධ්‍යාන ඵලයට පත්විය යුතු නැහැ. පින්වත් ඔබ, සමාධිය පුහුණු කරන පින්වතෙක් නම්, පංචනීවරණ යටපත් වී ඇති ඕනෑම් අවස් ථාවක දෙවියන් දර්ශනය විය හැකියි. දිව්‍ය ශ්‍රෝතයන් ඇසීමට හැකියාව තිබෙන්නට පුළුවන්.

තවත් පින්වතෙක් ප්‍රශ්නයක් ඇසුවා, ‘යම් ගිහි හෝ පැවිදි පින්වතෙක් චුතූපපාත ඤාණය ඔස් සේ උපත ලද නපුරු යක්ෂයෙක් , එසේත් නැති නම් නපුරු අමනුෂ්‍යයෙක් දර්ශනය කර ගත්තොත් එම දර්ශනයෙන් ඔහු බියට පත්විය හැකිද?’ කියලා.

ධ්‍යාන ගත සමාධියේදී බිය කියන කාරණය නිශේධ වෙලා යනවා. තමන් ඉදිරියට නපුරු වේශයකින් වසවර්ති මාරයා පැමිණියත් එම පින්වතාට බියක් සකස් වෙන්නේ නැහැ. එය ධර්මතාවයක් .

භික්ෂුව ඉහත සඳහන් කළා, භික්ෂුවක් පැවිදි ජීවිතයේදී ලබන උතුම් ඵලයන් හතරක් පිළිබඳව. ඉහත ඵලයන් හතරේම හේතුවෙන් සකස් වෙන පස් වැනි ඵලය තමයි ගිහි පින්වතුන්ලා ගේ සිව්පසය. ගෞරව වන්දනාමාන ලබමින්, ශීලයෙන් ශක් තිමත් වෙමින්, සමාධිමත් සිතක් ඇති කොට ගනිමින්, ඒ සමාධිමත් ධ්‍යානගත සිත සමාධියේ ලෞකික ඤාණයක් ලබා ගැනීම උදෙසා මෙහෙයවමින් දැන් එම භික්ෂුව ඒ සෑම සංස් කාරයක ම අනිත්‍ය භාවය දකිනවා.

ශීලය කියන්නේ සංස් කාරයක් . ශීලය තුළ ශක් තිමත් වෙමින්, ශීලයෙන් ලැබෙන සංස් කාරයන් ගේ අනිත්‍ය භාවය දකිනවා.

සමාධිය කියන්නේ සංස් කාරයක් . සමාධිය තුළ ජීවත් වෙමින්, වේදනාවේ, ආශ්වාදයේ අනිත්‍ය භාවය දකිනවා. සමාධියේ ධ්‍යාන ඵල, චුතූපපාත ඤාණ, පූර්වේනිවාසානුස් සති ඤාණ, දිබ්බ චක් ඛු, දිව්‍ය ශ්‍රෝත ඤාණයන්… මේ සියල්ල අනිත්‍ය වන ධර්මතාවක් බව නුවණින් දකිනවා. තවත් කෙනකුගේ පූර්වේනිවාසානුස් සතිය දකිනවා, හොයනවා කියන්නේ අතීත පංච උපාදානස් කන්ධයන් හොයනවා කියන කාරණය ලෙසින් එම භික්ෂුව දකිනවා. එම නිසාම එම භික්ෂුව ඉහත ඤාණයන්ටත් බැඳෙන්නේ නැහැ. අනිත්‍ය වූ පංච උපාදානස් කන්ධයක් වශයෙන්ම දකිනවා.

ආධ්‍යාත්මික, බාහිර රූපය කෙරෙහි එම භික්ෂුව අවබෝධයෙන් ම කලකිරීම ඇති කොට ගන්නවා. දැන් එම භික්ෂුවට ශීලය, සමාධිය උපකාරක ධර්මයක් පමණක් මය. ඒවා ඵලයක් හැටියට අල්ලා ගන්නේ නැහැ. වෙනස් වන සංස් කාරයන්, වෙනස් වන බවම දකිමින් නොවෙනස් වන විදර්ශනා නුවණ මෝදුකොට ගන්නවා. විදර්ශනා නුවණත් පිරිනිවී යන මොහොතේ අනිත්‍ය වී යන බව නුවණින් දකිනවා. ශ්‍රද්ධාවට නොබැඳෙන සිත, ශීලයට නොබැඳෙන සිත, සමාධියට නොබැඳෙ න සිත, අනිත්‍යයට නොබැඳෙන සිත අවබෝධය තුළමයි නතර වෙන්නේ.