බමුණා මිථ්‍යාදෘෂ්ඨික කෙනෙක් වුවත් මරණානුස්සතිය කියන කාරණය වඩලා තිබෙන කෙනෙක්. ඒ කියන්නේ තමා මැරෙනවාය කියල දන්න කෙනෙක්. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් තොරව මරණානුස්සතිය වැඩීම නිසාම සංසාර බිය උදෙසා නොවේ මේ බමුණාට මරණානුස්සතිය වැඩුනේ මරණය තුළිනුත් ආශ්වාදයක් සෙවීමේ අරමුණ ඇතිවයි මරණානුස්සතිය වැඩිලා තිබුණේ. මරණයට පෙර මරණය ආශ්වාදයක් කරගන්න මනුෂ්‍යයෝ ඕනෑ තරම් සමාජයේ සිටිනවා. මරණය ආශ්වාදයක් කරගන්නා තැනත්තා මැරිලා ඉපදෙනවාය කියන කාරණය දකින්නේ නැහැ. එයා මරණය කියන කාරණය දකින්නේ නැහැ. එයා මරණය කියන කාරණය ළඟ නවතිනවා. මේකම බුදුරජාණන් වහන්සේ ‘විභව තන්හාව’ කියලා කියනවා. නැවත උපතක් නැහැය කියන විශ්වාසයයි ඔහු තුළ තිබෙන්නේ. ඔහු සිතනවා මරණින් පස්සේ සියල්ල ඉවරයි කියලා. ඒ නිසාම ඔහු මරණය ආශ්වාදයක් කරගෙනමයි මැරෙන්න හදන්නේ.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටින කාලයේ එක්තරා වස්තු සම්පත් ඇති සශ්‍රීක බමුණෙක් ජීවත් වුණා. මේ බමුණාට කාටවත් ඇතිනොවන විදිහේ අශාවක් ඇති වුණා. ඒ ආශාව තමයි තමන් මැරුණාට පසුව කිසිම සත්වයෙක් වළ නොදැමූ බිමක තමාගේ දේහය මිහිදන් කළ යුතුයි කියන ආශාව.
බමුණා මිථ්‍යාදෘෂ්ඨික කෙනෙක් වුවත් මරණානුස්සතිය කියන කාරණය වඩලා තිබෙන කෙනෙක්. ඒ කියන්නේ තමා මැරෙනවාය කියල දන්න කෙනෙක්. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් තොරව මරණානුස්සතිය වැඩීම නිසාම සංසාර බිය උදෙසා නොවේ මේ බමුණාට මරණානුස්සතිය වැඩුනේ මරණය තුළිනුත් ආශ්වාදයක් සෙවීමේ අරමුණ ඇතිවයි මරණානුස්සතිය වැඩිලා තිබුණේ. මරණයට පෙර මරණය ආශ්වාදයක් කරගන්න මනුෂ්‍යයෝ ඕනෑ තරම් සමාජයේ සිටිනවා. මරණය ආශ්වාදයක් කරගන්නා තැනත්තා මැරිලා ඉපදෙනවාය කියන කාරණය දකින්නේ නැහැ. එයා මරණය කියන කාරණය දකින්නේ නැහැ. එයා මරණය කියන කාරණය ළඟ නවතිනවා. මේකම බුදුරජාණන් වහන්සේ ‘විභව තන්හාව’ කියලා කියනවා. නැවත උපතක් නැහැය කියන විශ්වාසයයි ඔහු තුළ තිබෙන්නේ. ඔහු සිතනවා මරණින් පස්සේ සියල්ල ඉවරයි කියලා. ඒ නිසාම ඔහු මරණය ආශ්වාදයක් කරගෙනමයි මැරෙන්න හදන්නේ.
භික්ෂුව දන්න එක්තරා මහත්තයෙක් සිටියා ඒ මහත්මයා තමා මැරෙන්නට පෙරාතුව මිනී පෙට්ටියක් ගෙදරට ගෙනත් තියාගත්ත. ඔහු හැමදාම මේ මිනී පෙට්ටියේ නිදාගන්නවා. ඔහු බීමත්වයි හුඟාක් වෙලාවට සිටින්නේ. ඔහුට මරණය ආශ්වාදයක්. මරණින් මතු නැවත උපදිනවාය කියල ඔහු දන්නේ නැහැ. ඔහු මැරෙන්න කැමතියි. ඔහු සිතනවා මරණින් පස්සේ මේ දුක් ගොඩ ඉවරයි කියලා.
භික්ෂුව දන්න තවත් මහත්මයෙක් සිටියා. ඔහු තමන්ගේ ඥාතීන්ට මරණයට පෙරාතුව කියා තිබුණා මරණයට පසුව තමාට පාංශුකූලයක්, මතක බණක්, දානයක් දෙන්න එපාය කියල. ඔහු සෑම වෙලාවේම කිව්වේ ‘මැරෙනකම් හොඳට කාල බීල ඇඳලා, පැලඳලා, ජීවත් වෙන්න. සියල්ල මැරෙනකම් පමණයි මරණින් පසුව කිසිවක් නැහැ’ය කියලා. මේ අය මරණය ආශ්වාදයක් කර ගන්න අය. මරණය තමයි මේ අයගේ විමුක්තිය. මැරිල නැවත ඉපදෙනවාය කියන විශ්වාසය මේ අයට නැහැ. මරණින් පසුව සියල්ල ඉවරයි කියන විශ්වාසය ඔවුනට තිබෙන්නේ ඉහත බමුණත් මේ දෘෂ්ඨිය තිබුණ කෙනෙක්. බමුණා තමන්ගේ සේවකයනුත් අරගෙන මීට පෙර කිසිවෙකු වළ නොදැමූ බිම් කඩක් සොයමින් කැලය පීරමින් ගියා. බොහෝම දුරක් කැලයේ ඇවිදලා විශාල ගසක් යට යම් ස්ථානයක් බමුණා සලකුණු කළා. වටපිට හොඳින් නිරීක්ෂණය කළා. බමුණාට හොඳටම විශ්වාසයි තමා සලකුණු කළ තැන අතීතයේ කිසිවකු වළ නොදැමූ තැනක්ය කියල. බමුණා තම සේවකයන්ට අණ කළා තමා සලකුණු කළ ස්ථානයේ වළක් හාරන්න කියලා. බමුණා ලෝකයක් දිනාගත්තා වගේ සතුටකින් සිටියේ. ඔහු තම ඥාතීන්ව සේවකයින්ව දැනුවත් කළා. තමා මැරුණාට පසුව මේ වළේම වළදමන්න කියලා. තමා මරණින් පසුව මේ වළ ඇතුලේ සමාදානයේ සැතපෙන ආකාරය මේ බමුණා සිහිපත් කළා. බමුණාගේ සේවකයන් මිනීවළ හාරමින් සිටියදී මෙතැනට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා.
බුදුරජාණන් වහන්සේ බමුණාගෙන් විමසනවා ‘බමුණ, ඔබ ඔය කුමක්ද කරන්නේ කියලා. ඒ වෙලාවේ බමුණා කියනවා මම මේ කව්රුවත් නොකළ වැඩක් කරන්න යන්නේ. මම මැරුණාට පස්සේ මගේ දේහය මීට පෙර කිසිවෙකු වළ නොදැමූ තැනක වළ දැමීමට මට ආශාවක් ඇති වුණා. මට හොඳටම විශ්වාසයි මේ ස්ථානයේ මීට පෙර වළදමා නැහැ’ය කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පුර්වේ නිවාසානුස්සති ඥාණයෙන් අතීතය බලා දේශණා කරනවා බමුණ ඔබ මේ සලකුණු කර ඇති ස්ථානයේ අතීතයේ ඔබවම දහතුන්දාස් වාරයක් මැරිල වළ දමලා තිබෙනවාය කියලා. බුදුරජාණන් වහන්සේ බමුණාට දුන් මේ පිළිතුර බමුණාට සිතාගන්නවත් බැරිව ගියා. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය අභියස බමුණා නුවනින් මෙනෙහි කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශණා කර වදාල සංසාරයේ ගැඹුර තේරුම්ගත්ත බමුණා තමාගේ ළදරු මනෝ භාවයට සමච්චල් කරමින් තෙරුවන් සරණ පිහිටියා. තමාම අතීත භවයන්හිදී දහතුන්දහස් වාරයක් මිහිදන් වුණ බිම්කඩම කමටහනක් කර ගනිමින් බමුණා සද්ධර්මය ශ්‍රවණයකර තමාගේ අනාගත භවගමන උපරිම ආත්මභාව හතකට සීමාකොට ගත්තා.
පිංවත් ඔබ නුවනින් දකින්න ඔබ දෙපා තබාගෙන සිටින ඔය බිම් තීරුව මත ඔබ අතීතයේ කොච්චර දහස් වාරයක් මිහිදන්වෙලා ඇතිද කියලා.