පින්වතුන්ලා තුළ උතුම් සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමේ දුර්වලතාවයන් ඇතිවෙන කොට ධර්මය ඔබට අධර්මය හැටියට පෙනෙන්නට පුලුවන්කම තිබෙනවා. තමන්ගේ කෙළිලොල් දඟකාර පිරිමි දරුවා මේ දවස්වල ගෙදර ලිස්සල වැටිලා අත උලුක්කුවෙලා. සතියක්ම පාසල් ගමනත් නැවතිලා. දරුවාගේ තාත්තාට දරුවාගේ අත උලුක්කුව බරපතල ප්‍රශ්නයක් වෙලා. එම පින්වත් තාත්තා තම දරුවා ගැන ඔහුට ඇති ප්රශ්නය භික්ෂුවට ඉදිරිපත් කළේ මෙහෙමයි.
ස්වාමීන් වහන්ස, මේ ගමේ හොඳින්ම දන් දෙන්නේ, පන්සල් යන්නේ, දහම් පාසලේ දක්ෂකම් දක්වන්නේ මගේ පුතා. අපි කරන සෑම දානමය පින්කමකටම පුතාව සහභාගි කරවා ගන්නවා. නමුත් ගමේ අනෙක් දරුවෝ දන්දීමේදී, පින්කම් කිරීමේදී, උදාසීන බවක් දක්වන්නේ. නිතරම දන් පූජා කරන මගේ පුතාගේ අත උලුක්කු වෙනවා. පාසල් ගමන අඩපණ වෙනවා. දන් පූජා නොකරන අනෙක් දරුවන්ට එහෙම වෙන්නේ නැහැ. දන් පූජා කරන මගේ පුතාගේ පමණක් අත උලුක්කු වෙන්නේ ඇයි කියලා.
එම පින්වත් තාත්තා නගන ප්රශ්නය තර්කානුකූල ප්‍රශ්නයක්. නමුත් එම ප්රශ්නය ධර්මානුකූල නැහැ. තාත්තා කෙටියෙන් අහන ප්රශ්නය තම පුතා දන් දුන්නත්, ඇයි අනතුරකින් අත උලුක්කු වුණේ කියලා.
මෙතනදී පින්වත් ඔබ මුලින්ම කල්පනා කරන්නට ඕනේ. දන්දීම නිසා ලැබෙන ආනිශංස මොනවාද කියලා. දන් දීමෙන් ලැබෙන ආනිශංස තමයි ආයුෂ, වර්ණය, සැපය, බලය. ඔබේ පුතා ගමේ වැඩියෙන්ම දන් පූජා කරන දරුවාය කියලා කියන්නේ, ඔබේ දරුවාගේ ආයුෂ, වර්ණය, සැපය, බලය දන් නොදෙන අනෙක් දරුවන්ට සාපේක්ෂව වැඩිවිය යුතුය කියන කාරණයයි. ආයුෂ, වර්ණය, සැපය, බලය වැඩිවුණහම, දඟකාරකම්, අකීකරුකම්
වැඩිවෙනවා. ආයුෂ, වර්ණය, සැපය, බලය වැඩිවුණහම දඟකාරකම් කරලා තුවාල කරගන්නවා වැඩියි. මොකද ආයුෂ, වර්ණය, සැපය, බලය වැඩි දරුවායි වැඩිපුර දඟකාරකම් කරන්නේ.
මෙතනදී පින්වත් දෙමාපියන් දක්ෂ වෙන්න ඕනේ, දානමය පින්කම් හේතුවෙන් තමන්ගේ දරුවාගේ ආයුෂ, වර්ණය, සැපය, බලය වර්ධනය වෙනකොට එම වර්ධනය වෙන ශක්තිය උපක්‍රමශීලිව අධ්‍යාපනයට හෝ පෙරලා නැවත ධර්ම මාර්ගය කෙරෙහි යොමුකරන්නට. ඉහත කාරණයේදී දෙමාපියන් අදක්ෂ නම් දරුවාට ආයුෂ, වර්ණය, සැපය, බලය ගින්දරක් බවටයි පත් වෙන්නේ. ඒ කියන්නේ දරුවාගේ ආයුෂ, වර්ණය, සැපය, බලය
අනවශය දඟකාරකම්වලට, අකීකරුකම්වලට යොමුකොට කුසලය අකුසලයක් බවට පත්කොට ගන්නවා. එහෙම නැතිනම් පින පවක් බවට පත්කොට ගන්නවා. පින්වත් ඔබ පින් කරලා විතරක් ඵලයක් නැහැ. පින විපාක දෙනකොට වර්තමානය තුළ සතියෙන් සිහියෙන් එම පින භුක්තිවිඳින්න දක්ෂ වෙන්න ඕනේ. කුඩා දරුවන්ගේ දඟකාරකම් අඩුවෙන දිශාවට පරිසරය නිර්මාණය කොට දෙන්න ඕනේ. ආයුෂ, වර්ණය, සැපය, බලය වැඩි ඔබේ දඟකාර දරුවාට ඔබේ දක්ෂ භාවය නිසා බයිසිකලයක් අරගෙන දුන්නොත් එය පනින රිළවුන්ට ඉනිමං බැදීමක්ම වෙනවා.
දෙමාපියන් දරුවන්ට ඇති ආදරය නිසාම, දරුවන්ට සෙල්ලම් බඩු, ඇඳුම් පැළඳුම්, ආහාර පාන, මිල මුදල් යොමු කිරීම සිදුවන්නේ දරුවන්ගේ අතීත පිනේ බලවත් භාවය නිසා. දරුවාට ආයුෂ, වර්ණය, සැපය, බලය සීමාව ඉක්මවා ලැබෙනවා. මෙතැනදී ධර්මය ගලපා ගැනීමට අදක්ෂ දෙමාපියන් නිසා, ධර්මය ගලපා ගැනීමට නොතේරෙන දරුවා විනාශය කරා යනවා. මොනයම් හෝ ආකරයකින්, ඔබේ දරුවාගේ ආයුෂ, වර්ණය, සැපය, බලය
ශක්තිමත් නම් පින්වත් ඔබ එම දරුවාගේ ශක්තිය උපක්රමශීලීව අධ්‍යාපනයට අර්ථවත් ආකාරයට කී‍්‍රඩාවට හෝ නැවත නැවත පින වර්ධනය වෙන ධර්ම මාර්ගයට සංයමයෙන් යුතුව දරුවා යොමු කරන්න දක්ෂ වෙන්න. එසේ නොවුනහොත් දරුවාගේ දඟකාරකම අකීකරුකම් වැඩි වී පින ගින්දරක්ම වීම වළක්වන්නට බැරිවෙනවා. දෙමාපියන් අදක්ෂ වුවත්, ඉහත ධර්මතාවයන් ස්වෝත්සාහයෙන් ගලපා ගැනීමට දක්ෂ, අතීත සංසාරික පුරුදු සහිත දරුවන් ද සමාජයේ සිටිනවාය කියන කාරණය එම දරුවන්ට ගෞරවයක් වශයෙන් සටහන් කරනවා.
ගම්මානවල පිණ්ඩපාතය වඩින කොට පාසල් දරුවන් හුඟාක් කැමැත්තෙන් පිණ්ඩපාතය බෙදනවා. නමුත් සමහරක් දෙමාපියන් ස්වාමීන් වහන්සේට අගෞරවයක් සිදුවේය යන සිතුවිල්ලෙන් දරුවන් මෙම කටයුතුවලින් වළක්වනවා. සමරහක් දෙමාපියන් දරුවා ළඟ තබාගෙන දරුවාගේ උපන්දිනය කියලා, දෙමාපියනුයි කිරිබත් කැබැල්ල පාත්‍රයට පූජා කරන්නේ. දරුවාගේ උපන් දිනය දවසේ, දරුවාට සැපයට අදාල ක්‍රියාවන් පුරුදු කරනවාය
කියන අධිෂ්ඨානයෙන්, දරුවාට එම ආහාරය පූජා කර ගැනීමට යොමුකරන්නේ නැහැ. දෙමාපියන් දක්ෂ වන්න ඕනේ සිතන්න වැඩිහිටියන් වශයෙන් අපට යම් අනතුරක් හඳුනාගැනීම, බැහැර කිරීම, මඟ හැරයැමට අවශ්‍ය දැනුම හැකියාව තිබෙනවා. නමුත් දරුවන්ට තවම, තමන් ඉදිරියට පැමිණෙන අනතුර හඳුනාගැනීමට මඟහැරයාමට ඇති දැනීම සකස්වෙලා නැහැ. තමන්ම විනාශ කරන්න පැමිණෙන වියරු පුද්ගලයාටත්, මාමේ කියලා කථා කරන්න පුලුවන්. අනතුරු හඳුනාගැනීමට දක්ෂ දෙමාපියන්, දරුවන් ඉදිරියේ තිබෙන ඉහත අනතුරද හඳුනාගන්න දක්ෂවෙන්න ඕනේ. එම නිසා
පුංචි දරුවන්ට වෙන්න තිබෙන අනතුරුවලින් හැකි තරම් වළක්වා ගැනීමට නම් දෙමාපියන් දරුවාව පින තුළ, පින් සිතුවිලි තුළ ශක්තිමත් කරන්න දක්ෂ වෙන්න ඕනේ. දරුවාට පූජාකරගැනීමට දිය යුතු කිරිබත් කැබැල්ල නොදැනුවත්භාවය නිසා දෙමාපියන් පූජා කරන්න එපා. මේවා දෙමාපියන්ගේ නරක පුරුදු.
දන්දීමට යොමු කරන දරුවා අධ්‍යාපනයේදී දක්ෂ වෙනවාය කියන කාරණය සත්‍ය වූ ධර්මතාවයක්. දන් නොදෙන දරුවා දරුවාගේ දඟකාරකම, ධර්මයේ ඇසෙන් දකින්න… අතීත පින නිසා, අධ්‍යාපනය සාර්ථක කොටගත්තත්, ඔහු ධර්මයේ ගුණාත්මකභාවය නොලබන දරුවෙක් වෙනවා. දානයත්, අධ්‍යාපනයත්, දෙමාපියන්ගේ දක්ෂ කළමනාකාරීත්වයත් එකතු වූ තැන යම් දවසක එම දරුවා, ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අවබෝධයෙන් අවතීර්ණය වන අවතීර්ණය කරවන හොඳම සාධකය වෙනවා.