සිංහල බෞද්ධ ජාතිය උපන්නේ, සද්ධර්මයේ ලේ උරුමයෙන්

ප්‍රශ්නය:

පින්වත් ස්වාමින් වහන්ස, පසුගිය කාලය පුරාම ගෞරවනීය මහා සංඝරත්නය සහ රණවිරුවන් තරම් නින්දා අපහාස, අවලාද දඬුවම් විඳින ලද පිරිසක් නැතැයි කිව හැකියි. ස්වාමින් වහන්සේලා ගණනාවක් පසුගිය කාලයේ බන්ධනාගාර ගත කළා. මේ සියලූ‍ කරුණු වලින් පෙනී යන්නේ මේ එළඹ තිබෙන්නේ, ධර්ම පරිහානි කාලයක් බවද…?

පිළිතුර:

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වරක් අතුල කියන, උපාසක තුමාට දේශනා කරනවා, අතුල මේ ලෝක ධාතුව තුළ ජීවත් වෙන, මනුෂ්‍යන් අතර චෝදනා, නින්දා, අපහාස, නොලබපු යම් මනුෂ්‍යයෙක් මම දකින්නේ නැහැයි කියලා.

මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේදී, වැඩියෙන් චෝදනා නින්දා, අපහාස ලබපු උත්තමයා තමයි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තමන්ගේ ම ගිහි ජීවිතයේ මස්සිනා වෙච්ච දේවදත්ත හාමුදුරුවන්ගෙන්, බුදුරජාණන් වහන්සේට මරධෑය පීඩාවන් එල්ල වුණා. පෘථග්ජන ගිහි සමාජයෙන් බුදුරජාණන් වහන්සේට අභූත මිනීමැරුම් චෝදනා, ස්තී‍්‍ර දූෂණ චෝදනා එල්ල වුණා. මේ සෑම තැනකදීම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, බුදුරජාණන් වහන්සේලා කෙරෙහි ද්වේශයෙන් යමෙක් යම් අභූත චෝදනාවක් නඟන්නේ නම්, එම බොරු චෝදනාවන් සතියක් තුළ නිෂේධ වෙලා යනවාය කියලා. එය බුදුරජාණන් වහන්සේලාට අදාළව, තම පාරමී ශක්තියෙන් සකස් වුණ ලෝක ධර්මතාවක්.

නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, චෝදනා, විවේචන, නින්දා, අපහාස ඉදිරියේ නිහඬව ඉන්නට එපාය කියලා. මෙත් සිතින් යුතුව සමාජයට ඇත්ත ඇති සැටියෙන් පහදලා දෙන්න කියලා.

සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේට පෘථග්ජන ස්වාමින්වහන්සේලා ගෙන් බොරු කාරයෙක්, වංචා කාරයෙක් වැනි අභූත චෝදනාවන් එල්ල වුණා. මුගලන් මහෝත්තමයන් වහන්සේට, සොරුන් විසින් පහර දීලා බරපතළ තුවාල ලබා පිරිනිවීයනවා. මේ කිසිදු සිදුවීමකදී බුදුරජාණන් වහන්සේ හෝ රහතන් වහන්සේලා බාහිර සමාජයට පෙරළා චෝදනා කළේ නැහැ.

තම තමන් පටිච්ච සමුප්පන්නව සිදු කොට ගත් අතීත අකුසල් වර්තමානයේ විපාකයට පැමිණෙන කොට, ”අනුන් මාව විවේචනය කරනවා. මට චෝදනා කරනවා. මට මරධෑය තර්ජනය කරනවා. මාව හිරේ දමනවා” කියලා, බාහිර සමාජයට චෝදනා කරලා තේරුමක් නැහැ. උතුම් අර්හත් සන්තානයක් අවබෝධයෙන් ම දන්නවා. තමන්ට වර්තමානයේ චෝදනා එල්ලවන්නේ තම තමන් පටිච්ච සමුප්පන්නව සිදු කොට ගත් අකුසල් සංස්කාරක වල ඵලයක් නිසා මය කියලා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අප සෑම කෙනෙක් පසුපසම කුසල් සහ අකුසල් සංස්කාර දෙවර්ගය ම, විවේකීව සුදුසු අවස්ථාවේ විපාකයට පැමිධෑමට බලා සිටිනවාය කියලා. අප සෑම පින්වතෙක්ම ඉහත ධර්මතාවන් තේරුම් ගන්න ඕනේ. එම තේරුම් ගැනීමයි. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කියලා කියන්නේ.

තමන්ට කුසල් සංස්කාරයන් විපාකයට එනකොට, කීර්ති ප්‍රශංසා, නම්බුනාම සතුටින් පිළි අර ගෙන ඒවා තුළ බැස ගෙන ජීවත් වෙලා, සතුටුවෙලා, තමන්ට අකුසල් සංස්කාරයන් විපාකයට පැමිණෙන කොට, අපි ලෝකේ වටේට ම බැණ බැණ ඇවිදිනවා නම්, එය අශ්‍රද්ධාවේ ඵලයක්මයි. අශ්‍රද්ධාවෙන් යුත් පින්වතුන් තමන් කරා අතීත අකුසල් විපාකයට පැමිණෙන කොට, ඒවාට ගැටෙමින් අනාගතයට තව තව අකුසල් රැස් කොට ගන්නවා. අවසානයේ අකුසලයේ බලවත්භාවය විසින් ඔහු විනාශ කොට දමනවා.

මෙය සටහන් තබන භික්ෂුව, තමන් යම් දවසක පැවිදි භාවයට පත් වුණාද, භික්ෂුවට එල්ලවූ සෑම විවේචනයන් චෝදනාවන්, අපහාස කිරීම ඉදිරියේ ම, භික්ෂුව හැසිරුණේ අන්ධ, ගොළු, බිහිරෙක් වශයෙන් මයි. මේ තැන ශ්‍රද්ධාවෙන් පෝෂණය වූ ශීලයෙන් ගොඩනැඟුණු ඉන්ද්‍රිය සංවරයේත්, මෙත් සිතෙත්, සුන්දර ලක්ෂණයක්. මේ සුන්දරත්වයේ ශක්තියයි, පටිච්ච සමුප්පන්න, වීමෙන් ඔබ කළ, අතීත අකුසල් වලින්ද ඔබව ආරක්ෂා කොට දෙන්නේ.

වැරදි කිරීම මනුෂ්‍ය ගතියක්, වැරැද්දට සමාව දීමත් උතුම් ම මනුෂ්‍ය ගුණධර්මයක් වෙනවා. නමුත් දිගින් දිගටම වැරදි කරන්නේ නම්, එම ඇසුරෙන් ඈත් වීමයි, දෙපාර්ශ්වයට ම යහපත් වෙන්නේ.

රට, ජාතිය, ආගම වෙනුවෙන් පෙනී සිටින සෑම පින්වතෙක් ම ධර්මානුකූල යථාර්ථය නිවැරැදිව තේරුම් ගන්න අවශ්‍යයි. ධර්මයේ අර්ථයන්, කුමක්ද කියලා නොදැන අපිට ධර්මය ආරක්ෂා කොට ගන්න බැහැ. සංස්කාරයන් යනු කුමක්ද, සංස්කාරයන්ගේ විපාක දීමේ ස්වභාවය කෙසේද යන්න, නිවැරදිව නොදැන අපිට කවදාකවත් ලෞකික සැපය, ඔබට හෝ රටේ ජනතාවට ලබාදෙන්නට බැහැ.

සියලූ‍ ජාතීන් සමග, සියලූ‍ ආගම් සමග සමඟියෙන්, සහජීවනයෙන් ජීවත්වීමට කැමති, සිංහල බෞද්ධ ජාතිය කියන්නේ, මිහිඳු මහෝත්තමයන් වහන්සේගේත්, සංඝමිත්තා මහෝත්තමියගේත් සද්ධර්මයේ ලේ උරුමයෙන් උපන් ජාතියයි. උතුම් රහත් සන්තානයන්ගේ පූර්වාදර්ශයන් ගෙන් පෝෂණය වූ, සද්ධර්මයේ ලේ උරුමයෙන් උපන් ජාතියක් තුළ, සම්මා දිට්ඨියේ අර්ථයන්ට අදාළව, ලෝකය දැකීමේ ශක්තිය තිබෙන්නට ඕනේ.

ඔබ කෙනකුට බැන්නොත්, පටිච්ච සමුප්පන්නව ඔබට බැණුම් අහන්න සිද්ධ වෙනවා. ඔබ කෙනකුට හිංසා කළොත්, පටිච්ච සමුප්පන්නව ඔබට හිංසාවක් අත්විඳින්නට සිද්ධ වෙනවා. ඔබ උපන් රට විකුණා ගෙන කෑවොත්, පටිච්ච සමුප්පන්නව සරණාගතයෙක් ව අනාථ කඳවුරක උපදින්නට සිද්ධ වෙනවා. මේ උතුම් සිංහල බෞද්ධකම විනාශ කළොත්, පටිච්ච සමුපන්නව මිථ්‍යාදෘෂ්ටිකව ඉපදෙනවාය කියන හේතුඵල දැකීමයි ධර්මයේ කැඩපත කියන්නේ.

මේ උතුම් සංස්කාර විපාක දීමේ ධර්මයේ කැඩපත, යහපත් දෙයක් සිදු කළොත්. යහපත් විපාකයකුත්, අයහපත් දෙයක් සිදු කළොත් අයහපත් විපාකයකුත් කියන ප්‍රතිබිම්බය දෑස් පනාපිටම ඔබට ලබා දෙනවා.

ඒ නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් ගිහි පැවිදි ඔබට වර්තමානයේ ශීලය තුළ ශක්තිමත්ව සිටින්න කියලා. පින්වත් ඔබේ ආරක්ෂාවට හේතු වෙන සැබෑම ස්වයං ආරක්ෂකයා බවට පත් වන්නේ, වර්තමානයේ ශීලයේ ශක්තියයි. කුසල් ධර්මයන්ගේ ශක්තියයි.

මෙය සටහන් තබන භික්ෂුව වර්තමානයේ සෑම නිමේෂයකදී ම ආර්ය ශීලය තුළ, ආර්ය මෛති‍්‍රය තුළ ශක්තිමත්ව වැඩ සිටිනවා. භික්ෂුව දන්නවා යම් තැනකදී භික්ෂුව ප්‍රාතිමෝක්ෂ ශීලයෙහි දුර්වල වුණොත්, අතීත අකුසල් භික්ෂුවට පෙරලා පහර දෙනවාය කියලා. වර්තමානයේ භික්ෂුවට බාහිර ලෝකයෙන්, නින්දා, අපහාස, විවේචන අවම වෙලා තිබෙන්නේ, භික්ෂුව උපයෝගී කොට ගන්නා ධර්මයේ උපක්‍රමශීලී භාවය නිසා මයි.

හෙට දවසේ භික්ෂුව උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලයෙන් දුර්වල වුණොත්, අද භික්ෂුවට සාදුකාර දෙන, භික්ෂුවගේ ගුණ වයන, පින්වතුන්ලා ගෙන් අඩක් ම භික්ෂුවට බලවත් ලෙස චෝදනා කරනවා. එය සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය. ගෞරවනීය ප්‍රතිචාර ඉදිරියේ රැවටීම හෝ මංමුළාවීම නොවේ, අප විසින් කළ යුත්තේ. ගෞරවනීය ප්‍රතිචාරයනුත්, අගෞරවනීය ප්‍රතිචාරයනුත් යනු, අනිත්‍ය වූ සංස්කාරයක්ය කියලා දැකලා, දෙයාකාර ප්‍රතිචාර ඉදිරියේදීම ශීලයේ ශක්තිමත් භාවය ඇති කොට ගැනීමයි.

ඉහත කාරණා තුළින් පින්වතුන්ලාට වැටහෙනවා ඇති වර්තමාන සමාජයේ ගිහි පැවිදි පින්වතුන්ලාට, අභූත චෝදනා, අපහාස, නින්දා, ලැබෙනවා නම් මේ සැම දෙයක් පිටුපසම, ධර්මානුකූල හේතුවක් තිබෙනවාය කියන කාරණය.

මෙම ධර්මානුකූල පූර්වාදර්ශයන් සමාජයට ගලාගෙන එන්න ඕනේ, රටේ පාලන බලය හොබවන දේශපාලන නායකත්වය තුළින් කියලයි, ධර්මයේ සඳහන් වෙන්නේ.

නායකයා අධර්මිෂ්ඨ වුණොත් තමයි ඇමැතිවරු අධර්මිෂ්ඨ වෙන්නේ. ඇමැතිවරු අධර්මිෂ්ඨ වුණොත් තමයි මන්තී‍්‍රවරු අධර්මිෂ්ඨ වෙන්නේ. මේ සියල්ලම අධර්මිෂ්ඨ වුණ තැනදියි, පැවිදි පක්ෂය අධර්මිෂ්ඨ වෙන්නේ. ඉන් අනතුරුවයි ජනතාව තුළට, අධර්මිෂ්ටතාවය පැතිරෙන්නේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අධම්මික සූත්‍රයට අදාළවයි, භික්ෂුව ඉහත සමාජ විනාශයේ ධර්මානුකූල ගලා යෑම සටහන් තැබුවේ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ධාර්මිෂ්ඨ රජ කෙනෙක්, නායකයෙක්ය, කියලා අර්ථ දක්වන්නේ, යම් රජ කෙනෙක් තමන් ශීලය තුළ ශක්තිමත් වෙමින්, රටවැසි ජනතාවට ශීලයේ වටිනාකම කියා දෙමින්, පංචශීලය ආරක්ෂා කොට ගෙන ජීවත් විය හැකි සමාජයක් උදෙසා අවංකව කැප වෙනවා නම් එම නායක පින්වතා ලෝභ, ද්වේෂ, මෝහ, ධර්මයන් තුනී කොට අලෝහ, අද්වේෂ, අමෝහ ධර්මයන් ජීවිතයට එකතු කොට ගැනීමට වීර්යය වඩනවා නම්, රටේ ස්වාභාවික පරිසරයට, වනයට, වනයේ ජීවත් වන සතුනට ආරක්ෂාව ආදරය දක්වනවා නම්, එවැනි නායක පින්වතාටයි.

අපේ රටේ පින්වත් නායක පින්වතුන්ලා, තමන්ගේ හෘද සාක්ෂියට තට්ටු කරලා, තමන් ධර්මිෂ්ඨ නායකයෙක්, අධර්මිෂ්ඨ නායකයෙක් ද කියලා ධර්මානුකූලව සිතා බලන්න, අවම වශයෙන් උත්සාහයක් වත් ගත හොත්, එම උත්සාහය එම පින්වතුන්ලාගේ, මෙලොව, පරලොව දියුණුවට ලොකු පිටිවහලක් වෙනවා. ඒ වගේ මයි අධර්මිෂ්ඨ නායක කාරකාදීන් නිසා, විනාශය කරාම ගමන් කරන සමාජයටද ලොකු ශාන්තියක් ම වෙනවා. පින්වත් ඔබ ධර්මිෂ්ඨ භාවයෙන් අනාරක්ෂිත නම්, ඔබත් ඔබ ආරක්ෂා කරන රටත්, ජාතියත්, සියල්ලම විනාශය කරාමයි ගමන් කරන්නේ.

රාජ්‍ය පාලනයේදී වේවා, හමුදා සේවයේදී වේවා, ජාතික ආගමික වගකීම් දැරීමේදී වේවා, පින්වත් ඔබ ආරක්ෂිතයි කියලා කියන්නේ, ශීලයේ ශක්තිය තුළයි, ජීවිතයට එකතු වෙන. ඒ වනවිට එකතු වන ශක්තිමත් බවයි, පංචනීවරණ ධර්මයන්ගේ ග්‍රහණයෙන් ඔබ මුදා, රටත්, ජාතියත් ආගමත්, පින්වත් ඔබවත් අනතුරින් මුදා, ආරක්ෂාව කරාම යොමු කරන්නේ.

වර්තමානයේ රටට සිද්ධ වෙලා තිබෙන්නේ, නායක පින්වතුන්ලා ශීලයෙන්, කුසල ධර්මයන් ගෙන් අනාරක්ෂිත නිසා, මුළු රටම අකුසලයෙන් දුසිල්වත් භාවයෙන් අනාරක්ෂිත භාවයට පත්වීමයි. මෙහි ප්‍රතිඵලයන් මොන තරම් අසුන්දර වුණත් මේවා ධර්මයේ සුන්දර හේතුඵල ධර්මයන්.

සද්ධර්මයේ සුන්දර ගුණයක් තමයි ඒහිපස්සික ගුණය. සද්ධර්මය විවෘතව බබළනවා. ධර්මය සඟවන්න බැහැ. සඟවන්න බැරි, ලෝකයටම විවෘතව බබලන, විනාශයක් සමාජය තුළ වේගයෙන් සිදු වෙනවා. මෙම විනාශයට රටේ නායක පින්වතුන්ලා පමණක්ම වගකිවයුතු නැහැ. රටේ ජීවත්වන සමස්ත ජනතාවගේම කරුමයක් මේ විපාකයන්ට එන්නේ. කරුමය කියන්නේ අකුසලයේ විපාකයයි.

පින්වත් ඔබ මේ පිළියම් සොයන්නේ, රටේ සමස්ත ජනතාවගේ ම අකුසල් විපාකයන්ටයි. අකුසල් ධර්මයන් රටට සකස් කොට දී ඇති, ව්‍යසනයන්ට පිළියම් සොයන්න, පංචශීලය දුර්වල කොට ගෙන, අකුසල් වඩමින් කි‍්‍රයාත්මක වෙලා බැහැ.

රට කරවන නායක පින්වතුන් ධර්මිෂ්ඨ නොවෙනවා නම්, ධර්මයේ නාමයෙන් රටේ පැවිදි පක්ෂය, රටේ ජනතාව ධර්මිෂ්ඨ වෙන්න. මේ ගෞරවනීය ධර්මානුකූල වගකීමයි රටේ පැවිදි පක්ෂයටත්, රටේ ජනතාවටත් වර්තමානයේ ඉතිරිව තිබෙන්නේ.

ජනතාව විසින් රටට නායකයන් පත් කොට ගන්නේ එම පින්වතුන් පාලකයන්ගෙන් ජනතාවට පූර්වාදර්ශයක් ලබාගන්න. නමුත් අපේ රටේ පාලක පින්වතුන්ලාට, ජනතාවට පූර්වාදර්ශයක් ලබාදීමට සිදු වෙලා තිබෙනවා. තමන් දරන පූජනීය වගකීම් පිළිබඳව, ජනතාව තමන්ට පැවරූ වන්දනීය වගකීම් පිළිබඳව සතිය සිහිය, බලය කෙරෙහි ඇති කොට ගත් අධික තෘෂ්ණාව නිසාම විකෘතියක් බවට පත් වෙලා තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, බලය කියන්නේ, ධනය කියන්නේ, සර්පයෙක්ය කියලා. අපේ රටේ දේශපාලනය කරන ගෞරවණීය පින්වතුන්ලා, බලය කියන්නේ සර්පයෙක්ය කියලා ධර්මානුකූලව හඳුනන්නේ නැහැ. බලය නමැති සර්පයාගේ විෂකුරු භාවය නොහඳුනන නිසාම, විෂකුරු සර්පයාව වලිග යෙන්, හෝ කඳ කොටසින් ඇල්ලීමට ගොස්, බලවත් පරාජයන්ට, දුක්ඛ දෝමනස්සයන්ට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විෂකුරු සර්පයා හිසෙන් ඇල්ලිය යුතුය කියලා.

නමුත් බුදුරජාණන් වහන්සේට අදාළව සිතන්න නම් සතිය සිහිය තිබෙන්නට ඕනේ. සතිය, සිහිය තිබෙන්න නම්, ඉන්ද්‍රිය සංවර භාවය තිබෙන්න ඕනේ. ඉන්ද්‍රිය සංවරභාවය තිබෙන්න නම්, පංචශීලයේ ආරක්ෂාව තිබෙන්න ඕනේ. පංචසීලය දුර්වල වූ තැනදී, බලය නමැති සර්පයාගේ සර්ප විෂ සමස්ත සමාජය ම විකෘතියක් බවට පත් කරනවා.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ, සප්ත අපරිහානී ධර්මයන් තුළින්, දේශනා කොට තිබෙනවා. බලය නමැති සර්පයාව නිවැරදිව, හිසෙන් අල්ලා ගන්නා ධර්මානුකූල ක්‍රමවේදය.

සමගියෙන් රැස්වෙන්න, සමගියෙන් සාකච්ඡා කරන්න, සමගියෙන් විසිරයන්න, ජාති ආගම් භේදයන්ගෙන් තොරව ජනතාවට ප්‍රතිලාභයන් ලබාදෙන්න, ළදැරියගේ පටන් කාන්තා පක්ෂයට රැකවරණය. ආත්මගරුත්වය ආරක්ෂාව ලබාදෙන්න, ආගමික සිද්ධස්ථාන නඩත්තු කරන්න, ආරක්ෂා කරන්න, මහාසංඝරත්නයේ, අනෙකුත් පූජකතුමන්ලාගේ සිව්පසය, ආරක්ෂාව කෙරෙහි කැපවෙන්න. බලය නමැති විෂකුරු සර්පයාගෙන්, තමනුත් ආරක්ෂා වී, රටත් ජනතාවත්, ආරක්ෂා කොටගෙන, පරිහරණය කිරීමේ ධර්මානුකූල ක්‍රමවේදයයි ඉහතින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ.

නමුත් මේ උතුම් රාජ්‍ය පාලනයට අදාළ ධර්මයන්, අපේ රටේ ගෞරවධෑය, පක්ෂ, විපක්ෂ, දේශපාලන පින්වතුන්ලාට, බිහිරි අලින්ට වීණා වාදනය කරනවා වගේම, නිෂ්ඵල ධර්මතාවක් බවටත් පත්වෙලා තිබෙනවා.

පින්වත් ඔබ භික්ෂුවට යොමු කරන ලද ප්‍රශ්නය වූයේ, පසුගිය කාලය පුරාම මහා සංඝරත්නයට, සහ රණවිරුවන්ට, නින්දා අපහාස විඳින්නට සිද්ධ වුණා, ස්වාමින් වහන්සේලා බන්ධනාගාර ගත කෙරුවා. මේ එළඹ තිබෙන්නේ ධර්ම පරිහානි කාලයක්ද කියන ප්‍රශ්නයයි. පින්වත් ඔබගේ ප්‍රශ්නයට දිය හැකි කෙටිම පිළිතුර මේ එළඹ තිබෙන්නේ ධර්ම පරිහානි කාලයක් නොව, සිංහල බෞද්ධ ජනතාව සද්ධර්මයේ අර්ථයන්ගෙන් ඈත් වීමේ හේතුඵල ධර්මයන් සමාජ ගත වන කාලයයි කියලා. ධර්මය කවදාවත් පරිහානියට යන්නේ නැහැ. ධර්මය යනු ධර්මය මයි.

තෘෂ්ණාව තිබෙන තාක් කල් දුක තිබෙනවා. පරිහානියට යෑමක් නැහැ. බුද්ධෝත්පාද කාලයකත්, අබුද්ධෝත්පාද කාලයකත් විවෘතව බබළන ධර්මයේ උතුම් ගුණයක්. සමාජය තුළ දුක වැඩිනම්, කරුණාකර ඔබ තුළ සකස් වෙන තෘෂ්ණාවේ වියරුව දෙස බලන්න. තෘෂ්ණාවේ වියරුව, සමාජයම වෙළාගෙන පවතින්නේ, තෘෂ්ණාව සියුම් කරන ආර්ය අෂ්ටාංගික මාර්ග යෙන් සමාජය බැහැර වීම නිසා මයි. මෙතැන තමයි සමාජ පරිහානියේ ආරම්භය වෙලා තිබෙන්නේ.

වර්තමානයේ පින්වත් ඔබේ, මාතෘ භූමියට, තමන් තමන්ට ආදරය කරන නායකයෙක්, අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. මෙතෙක් ජනතාව රටට පත් කොට ගත්තේ, රටට ආදරය කරන නායකයන්. වර්තමානයේ රටට අවශ්‍ය රටට ආදරය කරන නායකයෙක් නොවේ. රටට ආදරය කරනවාය කියලා පත්කොට ගත්තාවූ නායක පින්වතුන් නිසා, රටට සිදුවෙලා තිබෙන විනාශය හොඳටම ඇති.

වර්තමානයේ රටට අත්‍යවශ්‍ය තමා, තමාට, ආදරය කරන නායකයෙක්.

තමා තමාට ආදරය කරන නායකයෙක් කියලා කියන්නේ, තමාගේ මෙලොව, පරලොව, ධර්මානුකූල දියුණුව දකින නායකයෙක්. තමාගේ මෙලොව පරලොව දියුණුව උදෙසා තෙරුවන් කෙරෙහි සද්ධාව, පංචසීලයේ ආරක්ෂාව, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ වටිනාකම ජීවිතයට එකතු කොටගත් නායකයෙක්. ඉහත ධර්මානුකූල අර්ථයන් ගෙන් පෝෂණය වූ නායකයාටයි, තමා තමාට ආදරය කරන නායකයෙක්ය කියලා කියන්නේ.

ඉහත ධර්මානුකූල ගුණාත්මක භාවයෙන්, තමා තමාට ආදරය කොට ගන්නා නායකයෙකුට පමණයි, අවංකවම රටට, ජාතියට, ආගමට, ආදරය කළ හැක්කේ.

වර්තමානයේ බහුතරයක් දේශපාලනය කරන පින්වතුන්ලා කරන කි‍්‍රයාවන්ගෙන්, කතා කරන වචන වලින් තමන්ට පරලොවක්, තිබෙනවාද කියලාවත්, නොදන්නා බවකුයි පෙනෙන්නට තිබෙන්නේ. තමා, තමා ගැන වත් නොසිතන ගෞරවනීය මහත්වරු, කෙසේ නම් රට, ජාතිය, ආගම, ගැන සිතන්නද?

බලය නමැති විෂකරු සර්පයාගේ, සර්ප විෂ, ඔඩුදිව්ව නිසා, අඩ සිහියෙන් කටයුතු කරන, මරණින් මතු පටිච්ච සමුප්පන්න ඊළඟ උපතේ අනතුර, තේරුම් නොගන්නා පින්වතා තමා තමාටවත් ආදරය නොකරන පින්වතෙක් කියලයි ධර්මයේ සඳහන් වෙන්නෙ. ධර්මානුකූලව ඇස් ඇති ජාති අන්ධයන් බවටයි එම පින්වතුන් පත්වෙන්නේ. තමා තමා කෙරෙහි, කරුණාවෙන් මේ උතුම් ධර්මයේ අර්ථයන් තේරුම් ගන්න ඕනේ.

මෙය සටහන් තබන භික්ෂුවට චෝදනාත්මකව එක ඇඟිල්ලක් දිගු වුණොත් පින්වත් ඔබ දෙසට, ඉතිරි ඇඟිලි හතරම දිගුවෙනවාය කියන ඇත්ත, පින්වත් ඔබ තේරුම් ගන්න ඕනේ.

වර්තමානයේ, රටට, තමා තමාට, ආදරය කරන නායකයෙක් අත්‍යවශ්‍ය වෙලා තිබෙන්නේ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොහොට්ටුව, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ පක්ෂ පරාජය කිරීමට නොවේ. මේවායේ අමුතුවෙන් පරාජය කරන්න දෙයක් නැහැ. මේ රටේ සමස්ත දේශපාලන ක්‍රියාවලියම, පරාජයට පත් වූ දේශපාලන ක්‍රියාවලියක්.

අමානුෂික ප්‍රජාතන්ත්‍රවාදයෙන්, දුස්ශීල භාවයෙන්, හෙම්බත් වූ, පවතින විකෘති දේශපාලන ක්‍රියාවලිය වෙනුවට යම් පමණකට හෝ සිල්වත් භාවයෙන් පෝෂණය වූ, මානුෂික ප්‍රජාතන්ත්‍රවාදයක් රට තුළ ස්ථාපිත කිරීම උදෙසා මයි, තමා තමාට ආදරය කරන පාලකයෙක් රටට අවශ්‍ය. එවැනි පාලකයෙකුට පමණයි වර්තමානයේ රට ඉල්ලන ජාතික සමගිය, ආගමික සමගිය, රටේ ආරක්ෂාවට අදාළව, අවංකව පෙනී සිටීමේ හැකියාව තිබෙන්නේ.

ඉදිරියේදී රටේ නායකත්වයට තරග වදින කවුරුන් වුවද ධර්මයේ නාමයෙන්, කර්මය කර්මඵල විශ්වාසය ඇති කෙනෙක් වෙන්න. මෙලොව වගේම, පරලොවක් තිබෙනවාය කියන විශ්වාසය ඇති කෙනෙක් වෙන්න. ජනතාව ඉදිරියේ ඇත්ත කතාකරන නායකයාට ජනතාවගේ ආකර්ෂණය, ජනතාවගේ ජනප්‍රිය භාවය ශක්තිමත් වීම ධර්මානුකූල ඵලයක් වෙනවා.

ඇත්ත කතාකරන නායකයා ජනතාව ඉදිරියට නොබියව යනවා. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, පෝෂණය වූ සත්‍ය වචනයට ලොකු බලයක් තිබෙනවා. සම්මා වාචාවන් කෙනෙක් තුළ ශක්තිමත් වෙන්නේ, සම්මා දිට්ඨියේ, සම්මා සංකප්පයන්ගේ ශක්තිමත් භාවය නිසා මයි.

මෙය සටහන් තබන භික්ෂුව මේ සිහිනයක් දකිනවා නොවේ. සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය දකිමින් මයි, මේ සටහන තබන්නේ. සිංහල බෞද්ධ ජාතියේ ආරක්ෂාව උදෙසා, රටේ වෙනසක් අත්‍යවශ්‍ය මයි. ඒ වෙනස, යම් පමණකට හෝ, රට තුළ සිදුවිය හැක්කේ, බොරුවෙන්, ද්වේශයෙන්, මනුෂ්‍ය හිංසනයෙන්, නම් නොවේ. කඩාකප්පල්කාරි කි‍්‍රයාවන් කිරීමෙන්, පෙළපාලි යෑමෙන් පිකටින් කිරීමෙන් නම් නොවේ.

මෙවන් දුශ්ශීල භාවයන් නිසා නායකයනුත් ජනතාවත්, තව තව පිරිහීමේ දිසාවට මයි ඇදගෙන යන්නේ. වර්තමානයේ රට තුළ පවතින ගැටලූ‍ සහගතභාවය, දුශ්ශීල භාවයේම ධර්මානුකූල ඵලයක්. දුශ්ශීල භාවයේ වියරුව, වර්තමාන සමාජය තුළින් නිවැරැදිව හඳුනාගෙන, සිල්වත් භාවය තුළින්, ජනප්‍රිය භාවය ලබා ගැනීමේ ධර්මානුකූල ආධ්‍යාත්මික මෙහෙයුමට, ඔබත් අවතීර්ණ වෙන්න, අවංක භාවයෙන් යුතුව.

රටේ අනාගතය භාර ගැනීමට බලාපොරොත්තු වන පින්වතුන්ලා ත්, රටට ආදරය කරන පින්වත් ජනතාවත්, ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන ධර්මානුකූල ආධ්‍යාත්මික මෙහෙයුමකින් වර්තමාන ජාතික ශාසනික, අභියෝගයන් යම් පමණකට හෝ ජයගැනීමට, මාර්ගය විවරකොට ගන්න දක්ෂ වෙන්න.

බොරුව, බොරුවෙන් නොව, බොරුව සත්‍ය වචනයෙන් ජයගන්න.

රඟපෑම රඟපෑමෙන් නොව, අවංකභාවයෙන් මනුෂ්‍යත්වයෙන් ජයගන්න.