අනුත්තර පින් කෙතේ වපුරා ලැබූ රන් අස්වනු මෙසේ වෙයි

සංඝානුස්සතිය – 11

භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිව්වනක් පිරිසගේ ම එකතුවයි සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ. උපාසක උපාසිකාවන්ගෙන් තොරව භික්ෂු, භික්ෂුණී කියන කණ් ඩායම් දෙකට පවතින්න බැහැ. උපාසක, උපාසිකා කියන කණ් ඩායම් දෙක ශාසනික දායකත්වය සඳහා යොමු කරවන්නේ සංඝරත්නයේ සාමීචිපටිපන්න ගුණයයි.

තමන් සුපටිපන්න ගුණයෙන් යුක් ත වෙලා එම ගුණයන්ගෙන් ලැබෙන ඵලය වන සාමීචිපටිපන්න ගුණය මනුෂ්‍යයාට දෙව් මිනිස් සැපයන් වගේම විදර්ශනා නුවණට මාර්ගයත් විවර කර දෙනවා. මහා සංඝරත්නය ඉහත ගුණයන් හතරෙන් පරිපූර්ණ වෙච්ච තැනදී එම ගුණයන් අවබෝධය කරා යන ගමනේදී මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ ම උතුම් ම පුද්ගලයන් අට දෙනෙක් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයට එකතු වෙනවා.

පළමුවැනි පුද්ගලයා සෝවාන් මාර්ගය තුළ සිටින භික්ෂුව, දෙවැනි පුද්ගලයා සෝවාන් ඵලය තුළ සිටින භික්ෂුව, තුන්වැනි පුද්ගලයා සකෘදාගාමී මාර්ගය, සකෘදාගාමී ඵලය, අනාගාමී මාර්ගය, අනාගාමී ඵලය, රහත් මාර්ගය, රහත් ඵලය මේ උතුම් පුද්ගලයන් අටදෙනා සිටින්නේ උතුම් සංඝරත්නයේ අර්ථය තුළ පමණක් මයි. උතුම් සුපටිපන්න, උජුපටිපන්න, ඤාය පටිපනන්න, සාමීචිපටිපන්න ගුණයේ අර්ථ තුළ පමණක් මයි.

මේ ලෝක ධාතුවේ සතර අපා දුකෙන් මිදෙන ඉන්ද්‍රිය ධර්මයන්, බලධර්මයන් පරිපූර්ණ කළ ආර්ය ශීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව තුළ ජීවත් වෙන පුද්ගලයන් අට දෙනා සම්මා සම්බුද්ධ ශාසනය ඉලක් ක ගත අර්ථයයි.

මහා සංඝරත්නය කෙළෙස් බර, බිම තැබු නිසා ම නිකෙළෙස් ව යි සිව්පසය පිළිගන්නේ, පරිහරණය කරන්නේ. සිව්පසය පරිහරණයේ දී කෙලෙස් සකස් නොවෙන නිසා ම සිව්පසය පූජා කරන කෙළෙස් සහිත පින්වතුන්ලාට මෙලොව පරලොව සැපය උදෙසා ආයුෂය, වර්ණය, සැපය, බලය උදෙසා පින් රැස් කර ගැනීමට මහා සංඝරත්නය ‘ආහුණෙය්‍ය’ ගුණයෙන් යුක් ත වෙනවා.

දුර සිට පැමිණ සිව්පසය පූජා කර ගැනීමට මහා සංඝරත්නය සුදුසු වෙනවා. අරාධනා කර වඩම්මවා ගෙන ගෞරවයෙන් සිව්පසය පූජාකර ගැනීමට මහා සංඝරත්නය සුදුසු වෙනවා. කොපමණ දුරක සිට ආගන්තුකව යම් ස් වාමීන් වහන්සේ නමක් වැඩම කළ ද උන්වහන්සේ ගේ අනන්‍යතාව නොසොයා ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, කර්මය කර්ම ඵලය විශ්වාසයෙන් ඇප උපස් ථාන කිරීමට මහා සංඝරත්නය සුදුසු වෙනවා. එය මහා සංඝරත්නයේ පාහුණෙය්‍ය ගුණයයි. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිණ් ඩපාත දානයක් පූජාකර ගැනීමට තව්තිසා දිව්‍යතලයේ සිට ශක්‍ර දෙවියන් පවා ඈත දුරක සිට පැමිණෙනවා.

මහත්ඵල මහානිශංස මෙලොව පරලොව පිහිට සලකාගෙන සියලූ‍ පූජාවන් ලැබීමට සුදුසු අර්ථයෙන් මහා සංඝරත්නය ‘දක් ඛිණෙය්‍ය’ ගුණයෙන් යුක් ත වෙනවා. ශ්‍රද්ධාව, ගෞරවය, කර්ම ඵලය විශ්වාසයෙන්, පින්වත් ඔබ පූජා කරගන්නා වූ එක බත් හැන්දකින් සශ්‍රීක දිව්‍ය සැපයක් ඔබට ලබාදීමේ ශක් තිය මහා සංඝරත්නයට තිබෙනවා. වරක් ශක්‍රදෙවියන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට කියනවා ‘තව්තිසාවේ චූලරථ, මහාරථ කියල දෙවිවරු දෙදෙනෙක් පහළ වෙලා සිටිනවා. මේ දෙවියන් දෙදෙනා ආලෝකවත් ප්‍රභාෂ්වර සශ්‍රික දෙදෙනෙක් . සංඝරත්නය අරමුණු කොට පින් කරලා දිව්‍ය තලයට පැමිණෙන සශ්‍රික දෙවිවරු දෙදෙනෙක් . මට බියක් දැනෙනවා මගේ සම්පත් දිව්‍ය අසිරිය මේ අලූ‍ත පැමිණෙන දෙවිවරු පරාජය කරයිද කියලා’ යනුවෙන්.

මෙවන් සශ්‍රික දිව්‍ය සැපයන් මහා සංඝරත්නයේ දක් ඛිණෙය්‍ය ගුණයේම ඵලයක් වෙනවා. මෙලොව පරලොව සැපයන් භව නිරෝධයට මාර්ගයක් මතුකර දෙන නිසාම මහා සංඝරත්නයට දෙවියන්, බ්‍රහ්මයන් පවා වන්දනා කරනවා. සත්පුරුෂ මනුෂ්‍යයන්, සංඝරත්නයේ ගුණයන්ට නිරතුරුවම වන්දනා කරනවා. නිකෙළෙස් උත්තමයින්ට කරන වන්දනාව පින්වත් ඔබට ආයුෂ වර්ණ සැපය බලය පිණිස මයි හේතු වෙන්නේ.

එය මහා සංඝරත්නයේ ‘අංජලිකරණීය’ ගුණය වෙනවා. මහා සංඝරත්නයේ ගුණයන්ට ඤාණයන් නිසා මහ පොළොව පවා කම්පා වෙනවා. සතර මහා ධාතුව සලිත කිරීමේ ශක් තියක් මහා සංඝරත්නයට තිබෙනවා. මුගලන් මහ රහතන් වහන්සේ තව්තිසා දිව්‍ය තලයේ ශක්‍ර දෙවියන් ගේ වෛජයන්ති මාළිගය තම මහපට ඇඟිල්ලෙන් ඒ මේ අතට සෙලෙව්වා. වෛජයන්ති මාළිගයේ කූටාගාර හත්සියයක සිටි දිව්‍යාංගනාවන් මොහොතක් කම්පා කළා.

මේ සියලූ‍ ප්‍රතිහාර්යයන් සිදු කළේ ශක්‍රදෙවියන්ගේ කාමච්ජන්දයන් තුනී කරන්න. සතර මහ ධාතු අනිත්‍ය වන වේගය අවබෝධ ඤාණයෙන් පසක් කර ගත් නිසා ම මහා සංඝරත්නය සතර මහා ධාතුව යටත් කොට ගෙනයි වැඩ සිටින්නේ. දමනය කොටගෙනයි වැඩ සිටින්නේ. මහා සංඝරත්නය විඤ්ඤාණය අනිත්‍ය වන වේගය අවබෝධ ඤාණයෙන් පසක් කර ගත් නිසා ම විඤ්ඤාණය යටත් කොට ගෙනයි දමනය කොට ගෙනයි වැඩ සිටින්නේ.

ඒ නිසාම මහා සංඝරත්නය ලොවට අනුත්තර පින් කෙතක් වෙනවා. සුපටිපන්න ගුණයෙන්, උජුපටිපන්න ගුණයෙන්, ඤායපටිපන්න ගුණයෙන්, සාමීචිපටිපන්න ගුණයෙන් මනාවට පෝෂණය වූ සංඝරත්නය නමැති පින් කෙතේ පින්වත් ඔබ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් කර්මය කර්ම ඵලය විශ්වාසයෙන් සිව්පසය නමැති බීජයන් වැපුරුවොත් ලෝකයේ උතුම් ම ශ්‍රේෂ්ඨ තම පින නමැති අස් වැන්න උපරිමයෙන් ළ`ගා කර ගත හැකි වෙනවා. පින්වත් ඔබට ලබාදෙන්නා වූ මේ ලෝක ධාතුවේ ජීවත් වෙන යම් සම්මාදිට් ඨියට පත් මනුෂ්‍යයෙක් , දෙවියෙක් , බ්‍රහ්මයෙක් , ආයුෂ, වර්ණය, සැපය බලයෙන් ආඪ්‍යව ජීවත් වෙනවා නම් එම සැපයත් ඔවුනට ලැබුණේ මහා සංඝරත්නයේ පුඤ්ඤඛෙත්තං අනුත්තරෝ ගුණයේ ඵලය නිසා මයි.