ධර්මය තුළින් ධර්මය දකින කළ එහි කොහිද වෙහෙසක්

සංඝානුස්සතිය – 9

දුක නිමා කරන ආර්ය මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ග යේ සෘජුව ම ගමන් කරන නිසාම සංඝරත්නය ‘උජුපටිපන්න’ ගුණයෙන් යුක් ත වෙනවා. බාහිර මාර්ගවල ගමන් කරන්නේ නැහැ. අතීතයේ දෘෂ්ඨීන් හැට දෙකකින් පෝෂණය වුණ මිච්ඡා මාර්ග හැට දෙකක් ලෝකයේ තිබුණා. බුදුරජාණන් වහන්සේ නැමති ශ්‍රේෂ්ඨ කල්‍යාණ මිත්‍රයා, ධර්මරත්නය නමැති කල්‍යාණ මිත්‍රයා විසින් පෙන්වා වදාළ එම මිච්ඡා මාර්ගයන් නිෂේධ කර, එම භික්ෂුව ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස ගන්නවා. ඒ අර්ථයෙන් සංඝරත්නය ‘උජුපටිපන්න’ නම් වෙනවා.

එම භික්ෂුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක තැනක නවාතැන් ගන්නේ නැහැ. ශ්‍රද්ධාව, ශීලය, සමාධියේ ආශ්වාදයන් හැඳින, ආදීනවයන්ට කොටු නොවී ආර්ය ශීලයත් , ආර්ය සමාධියත් , ආර්ය ප්‍රඥාවත් දෙසට එම භික්ෂුව ගමන් කරනවා. එම භික්ෂුව සම්මා විමුක් තිය නමැති එතෙර කෙරෙහි ඡන්දයක් ඇති කර ගෙනයි මාර්ගය විර්යයෙන්, අධිෂ්ඨායෙන්, වීමංසාවෙන් යුතුව තරණය කරන්නේ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුළින් ලැබෙන කර්මය, කර්මඵල විශ්වාසය, ශීලය තුළින් ලැබෙන ඉන්ද්‍රිය සංවරය, ඉන්ද්‍රිය සංවරය තුළින් ලැබෙන සමාධිමත් සිත, පංචනීවරණ ධර්මයන් යටපත් කර සප්ත බොජ්ඣංගයන් මතු කර දෙනවා.

තමා දුකයි කියල දැකලා අත හැරපු කාමයන්ට, රූපයන්ට ඔහු නැවත බැඳෙන්නේ නැහැ. මිච්ඡා ආජීවයන් බැහැර කරනවා. විකිණෙන, විකුණන ස් වභාවයෙන් ඔහු මිදෙනවා. සිව්පසය පරිහරණයේදී එම භික්ෂුව ලද දෙයින් සතුටු වෙනවා. අතිරික් තය අත හරිනවා. අල්පේච්ඡ තාවය මධ්‍යම ප්‍රතිපදාවට අදාළ චර්යාවන් තුළ ශක් තිමත් වෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීව ධර්මයන් උතුම් ප්‍රාතිමෝක් ෂ ශීලයේ ශක් තිය තුළට ගනිමින් ආර්ය අෂ්ටාංගික මාර්ගය තව තවත් ශක් තිමත් කරගන්නවා. සතර අපායෙන් මිදීම, භව නිරෝධය ම අරමුණු කර ගත් සෘජු ඉලක් කයක් කරා නිවැරදි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන අර්ථයෙන් මහා සංඝරත්නය උජුපටිපන්න ගුණයෙන් යුක් ත වෙනවා.

සෘජු මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මහා සංඝරත්නය ගමන් කරන නිසා ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය පරිපූර්ණ කරගත් නිසා ම, මහා සංඝරත්නය සම්මා ඤාණයන් සකස් කොට ගන්නා නිසා ම, මහා සංඝරත්නය ඤායපටිපන්න නම් ගුණයෙන් යුක් ත වෙනවා.

දුක යනු කුමක් ද කියල අවබෝධ කර දෙන දුක් ඛ ඤාණය, දුකට හේතුව අවබෝධ කර දෙන දුක් ඛ සමුදය ඤාණය, දුක නැති කිරීම අවබෝධ කර දෙන දුක් ඛ නිරෝධ ඤාණය, දුක නැති කිරීමේ මාර්ගය අවබෝධකර දෙන දුක් ඛ නිරෝධ ගාමිණී පටිපදා ඤාණය, චුතූපපාත ඤාණය, පූර්වේනිවාසානුස් සති ඤාණය, දිව්‍ය ශ්‍රෝත, දිව්‍ය චක් ඛු ඤාණ මෙවන් ඤාණයන් අවබෝධ කර ගත් හේතුවෙන් මහා සංඝරත්නය ඤායපටිපන්න ගුණයෙන් යුක් ත වෙනවා.

සංඝරත්නය සිතන සෑම සිතිවිල්ලක් පාසාම ඤාණයන් අවබෝධ කර ගැනීමේ දිශාවට මයි ගමන් කරන්නේ. අනිත්‍ය දෙය, අනිත්‍ය වශයෙන් ම දකිනවා. දුක දෙය දුක වශයෙන් ම දකිනවා. අසුභ දෙය අසුභ වශයෙන් ම දකිනවා. අනාත්ම දෙය අනාත්ම වශයෙන් ම දකිනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිටතින් සකස් වෙන සෑම සිතිවිල්ලක් ම එම භික්ෂුවට මාර ධර්මයක් මයි. එම භික්ෂුව දැන් දුක නිවීමට හේතු නොවෙන දේවල් ගැන සිතන්න කැමති නැහැ. මොකද ඡන්දය දුක නිරෝධයයි. එපා කියලා අත හැරල ආපු කාමයත්, අසුභ යයි කියල අත හැරල පැමිණි රූපයත්, විදර්ශනාත්මක නුවණින් මයි දකින්නේ.

ගිහි පින්වතුන්ලාගෙන් ලබන ගෞරවණීය, වන්දනීය ප්‍රතිචාරයන් ඉදිරියේ මේ සියල්ල අනිත්‍ය වන සංස් කාරයන් ගේ ඵලයක් වශයෙන් ම දකිනවා. එම භික්ෂුව ලැබෙන ගෞරවයන් පිළිගනිමින් ඒවාට බැඳී යන්නේ නැහැ. සතර සතිපට් ඨාන ධර්මයන් තුළ සිත පිහිටලා කාය, චිත්ත, ධම්ම, වේදනාවන් විදර්ශනා නුවණින් දකිනවා. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ එම භික්ෂුවගේ සතිය සිහිය බොහෝම තියුණුයි. එම භික්ෂුවට අරමුණු වෙන්නා වූ සෑම රූපයක් ම අනිත්‍යයි කියල දකිනවා. ඒ අනිත්‍යයි කියල දකින සිතත් අනිත්‍යයි කියල මයි දකින්නේ. වෙහෙසක් නැහැ ආයාසයක් නැහැ.

ධර්මය තුළින් ධර්මය මයි දකින්නේ. ධර්මය තුළින් ධර්මය දකින තැන එම භික්ෂුව තුළ සම්මා ඤාණ සකස් වීමට හොඳ තෝතැන්නක් වෙනවා.