ලෝකයා නොදත් ලොව, ලොවට රහසේ දකියි භික්ෂුව

සංඝානුස්සතිය – 5

හතර වැනි ධ්‍යාන ඵලය ඔස් සේ ඇලීම්, ගැටීම් වලින් තොර උපේක්ෂාව කියන තැනට සිත පත්කර ගත් යම් භික්ෂුවක් ආකාශය…….ආකාශය…. වශයෙන් ආකාශය අරමුණු කරනවා. වලා රොදක් , වලාකුළක් අරමුණු කොට, ආකාශය තුළ ම සිත පිහිටා ආකාශය මෙනෙහි කරනවා. ආකාශය කෙරෙහි උපාදානය ඇතිකර ගන්නවා. මෙතෙක් ජීවිතයේ නොලත් අත්දැකීමක් පසු පසයි භික්ෂුව හඹා යන්නේ. අරමුණ ඔස් සේ වීර්යය බොහෝම ජව සම්පන්නයි. නොපෙනෙන ලෝකය දකින්න, නොලත් අත්දැකීමක් ලැබීම පිණිස උපාදානය බලවත්. එම භික්ෂුව විනාඩි විස්සක් පමණ දිගින් දිගටම ආකාශය අරමුණු කරනවා.

එක් සුන්දර නිමේෂයකදී එම භික්ෂුවට තමන් මෙතෙක් එරමිණියා ගොතා ගෙන සිටි භික්ෂුවගේ රූපය මැකිලාම යනවා. දැන් එම භික්ෂුවට ආකාශයේ සුදු වලාකුළක් මත සියුම් රූපයක් සහිතව ආකාසානඤ්චායතනයේ අරූපාවචර ධ්‍යානයට අදාළ ආශ්වාදය විඳිනවා. එම භික්ෂුවට තමාගේ මුල් රූපය ප්‍රකට නැහැ. ආකාශයේ වලා රොදක් මත එරමිණිය ගොතාගෙන සිටින සියුම් රූපයයි ප්‍රකට වෙන්නේ. ජීවිතයේ මෙතෙක් නොලත් අත්දැකීමක් ධර්මයේ ඒහිපස් සිකෝ ගුණය තුළින් අත්දකිනවා. දැන් ඒ අත්දැකීමත් අතීතයට එකතු වුණා වූ අත්දැකීමක් ම පමණයි.

එම භික්ෂුවට මෙතැනදී ‘භික්ෂුව‘ කියන වචනයට වඩා, නොපෙනෙන ලෝකය පිළිබඳව නොලත් ධර්මයේ අත්දැකීම් පිළිබඳ ස් වයං පරීක් ෂකයා කියන වචනය හොඳින් ගැලපෙනවා. එම භික්ෂුව පංචනීවරණ යටපත් වූ සිතෙන් ගත කරන නිසාම මේ නැවුම් අත්දැකීම් ගැන එම භික්ෂුව ලෝකයාට අඬබෙර ගසන්නේ නැහැ. කාමයන් කෙරෙහි ආශ්වාදයක් සකස් වූ තැන තම ඉලක් කය වැරදෙන බව එම භික්ෂුව දන්නවා. ලෝකයාට සොරා ලෝකයාට නොදන්වමින් එම භික්ෂුව ලෝකය තතු සේ දකිනවා.

දැන් එම භික්ෂුව තවත් ජීවිතයේ නොලත් අත්දැකීමක් පසුපසයි හඹා යන්නේ. උන්වහන්සේ ගේ ඉලක් කය දැන් චුතූපපාත ඤාණය ඇතිකර ගන්න. චුතූපපාත ඤාණය කියන්නේ සත්ත්වයා මැරී උපදින තැන දකිනා ඤාණයයි. එම භික්ෂුව එරමිණිය ගොතාගෙන කය සෘජුව තබාගෙන ආනාපාන සති භාවනාව ඔස් සේ සිත උපේක්ෂාව කියන තැනට ඔසවා තබනවා.

උපේක්ෂාව තුළ සිටිමින් එම භික්ෂුව මීට වසර පනහකට පමණ පෙර අපවත්වූ ආසියානු රටක වැඩ සිටි ගුණවත්, සිල්වත්, ධුතාංගධාරී, ස් වාමීන් වහන්සේ නමක් අරමුණු කරනවා. ඒ ගෞරවනීය ස් වාමීන් වහන්සේගේ නමින්, එම ස් වාමීන් වහන්සේගේ රුවින්. නැවත උපත අරමුණු කරමින් නැවත උපත… නැවත උපත… වශයෙන් මෙනෙහි කරනවා. ‘මෙනෙහි කරනවා‘ කියන වචනයට වඩා මෙතැනට ගැලපෙන්නේ ‘දකිනවා‘ කියන වචනයයි. ප්‍රතිඵලයට වැයවෙන කාලය ස් ථිරව කියන්න බැහැ. සමහර විට විනාඩි පහළොවක් වෙන්න පුළුවන්. සමහර විට පැයක් වෙන්න පුළුවන් සමහර විට අරමුණු නොවෙන්නත් පුළුවන්. එම භික්ෂුවගේ සිත ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂාව කියන තැන සිටයි මේ දැකීම සිද්ධ වෙන්නේ.

ක්ෂණයකින් එම භික්ෂුව තමන් නොදැකී යාමක් සිද්ධ වෙනවා. ඒ නිමේෂයේදී එම භික්ෂුවගේ නළලට වැටෙන රූපවාහිනි දර්ශනයක් සේ පැහැදිලි නිරවුල් දර්ශනයක් අරමුණු වෙනවා. නළල ආශ්‍රයේමයි මෙම දර්ශන පහළ වෙන්නේ. දැන් එම භික්ෂුව චුතුපපාත ඤාණය ඔස් සේ පෙනෙන දර්ශනය ඉහළ අහසේ හිස් අවකාශයයි. ඒ අවකාශය තුළ දිග අඩි තුනක් පමණ පළල පාවඩයක් එලා තිබෙනවා. එය හරියට වලාකුළක් මත එලා තිබෙන පාවඩයක් වගේ පෙනෙන්නේ. එම පාවඩයේ පටන් ගැනීමත් අවසානයත් හොඳින් එම භික්ෂුවට පෙනෙනවා. වෙනත් කිසිම දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය රූප, සටහනක් නැහැ. හිස් අවකාශය තුළ නැවතුණු, වඩින කෙනෙක් නැති පාවඩයක් පමණයි, දර්ශනය වෙන්නේ.

උතුම් චුතූපපාත ඤාණය ඔස් සේ එම භික්ෂුව මේ දකින්නේ මීට වසර පනහකට පෙර අපවත් වූ එම ගෞරවනීය ස් වාමීන් වහන්සේගේ පිරිනිවන් පෑමයි. තම භව ගමන නිමා කළාය කියන කාරණයයි. එම භික්ෂුව තමා තුළින් මෙසේ ධර්මය දකිනවා.