සංඝානුස්සතිය – 7
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘මහණෙනි, සාරිපුත්ත ඔබලාගේ කිරිමව’ය කියලා. සංඝ සමාජයේ හැමෝගේම දුක සැප සොයා බලනවා. සිව්පසය ලැබීම, නොලැබීම සොයා බලනවා. හැමෝටම ආදර්ශයෙන් ගුරු හරු කම් දෙනවා. කුසලය තුළ සැවොම ශක් තිමත් කරනවා. රාහුල ස් වාමීන් වහන්සේ යම් වරදක් පෙන්වා දුන්නත් නිහතමානීව එම වරද නිවැරදි කර ගන්නවා. මෙවන් උතුම් ගුණයන් දෑසින් දකින්න නොහැකිවීම අපි සැමගේම අවාසනාවක් වෙනවා.
පින්වත් ඔබට පුළුවන්, එම අවාසනාව වාසනාවක් බවට පෙරලා ගන්න. වර්තමානයේ එම උතුම් සංඝරත්නයේ ගුණයන් සිහිපත් කර ගැනීමෙන්, එම ආර්ය මහා සංඝරත්නය සිහිපත් කර දන් පැන් පූජාකර ගැනීමෙන්. නමුත් මේ වාසනාව, නොදන්නා භාවය නිසාම, ශ්‍රද්ධාවේ දුර්වල භාවය නිසාම සමහර පින්වතුන් අහිමිකරගන්නවා.
මහා සංඝරත්නය ‘සුපටිපන්න’ ගුණයෙන් යුක් ත වෙනවා. කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම තුළින් කාමයේ කෙටි ආශ්වාදය, රූපයේ කෙටි ආශ්වාදය දැකලා ඒවා තුළින් සකස් වෙන දීර්ඝ කාලීන ආදීනවය නුවණින් දැකලා, කාමයන් කෙරෙහි කලකිරීමක් තමන් තුළ ඇති කොට ගන්නවා. කාමයේ අස් වාභාවික භාවය හරිම අමිහිරියි. හරිම තුච්ඡයි.
බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ අම්මා කෙනෙකුයි, තම තරුණ පුතයි ගිහි ජීවිතය කලකිරිලා, පැවිදි භාවයට පත් වෙලා, වස් සාන සමය ගත කරන්න ගම්මානයක බොහොම යාබද කුටි දෙකක් තෝරා ගන්නවා. මව්-පුතු සෙනෙහසින් බොහොම සමීපව ජීවත්වූ මෙම භික්ෂුව සහ භික්ෂුණිය වස් සමය නිමාවෙද්දී අඹු සැමියන් ලෙසින් හැසිරෙන තත්ත්වයට ශීලයෙන් බරපතළ ලෙස දුර්වල තාවයට පත් වෙනවා. මේ කාමයන්ගේ අස් වාභාවික ස් වභාවය නුවණින් දැකලා, කාමයන් කෙරෙහි කලකිරීම ඇති කොට ගෙන එකී බන්ධන වලින් මිදීමට තීරණය කරනවා.
අතීතයේ එක් ගොවි මහත්තයෙක් සිටියා, ඔහුගේ සන්තකයේ තිබුණු එකම ධනය වුනේ උදැල්ලක් පමණයි. උදැල්ල මිස වෙන කිසිම ධන සම්පතක් ඔහුට තිබුණේ නැහැ. තමන් ජීවත් වීමට ගෙන යන කටුක අරගලය දැකලා, පැවිදි උතුමන් පැවිදි ජීවිතය තුළ ලබන සැනසීම දැකලා මේ දුප්පත් ගොවි මහත්මයා, තමා සතු එකම වස් තුව වූ උදැල්ල සඟවා තබා පැමිණ පැවිදි වෙනවා. පැවිදි ජීවිතය තුළ ටික දවසක් ගත කරන කොට එම භික්ෂුවට උදැල්ල කෙරෙහි, ගොවිතැන කෙරෙහි තෘෂ්ණාව ඇතිවෙලා, සිව්රු හැර ගොස් උදැල්ල අරගෙන ගොවිතැනට යනවා.
මේ ආකාරයට තුන් වතාවක් මේ භික්ෂුව තම ගිහි ජීවිතයේ කළ ගොවිතැන සහ උදැල්ල කෙරෙහි තෘෂ්ණාවෙන් සිවුරු හැර යනවා. හතරවැනි වතාවේ උදැල්ල සහ උදැල්ල කෙරෙහි තමා තුළ සකස් වෙන තෘෂ්ණාව මාරයා හැටියට දකින එම ගොවි මහතා උදැල්ල විනාශ කොටයි හතරවෙනි වතාවේ පැවිදි වෙන්නේ. එම පින්වත් භික්ෂුව අවසානයේ තෘෂ්ණාව විනාශ කොට දමා උතුම් රහත් ඵලයට පත් වෙනවා.
පුංචි කථා වස් තුවක් , එක රූපයක් , දීර්ඝ වූ කටුක වූ ලෝකයක් නිර්මාණය කොට දෙන බව දැකලා, යම් පින්වතෙක් කාමයන් උපද්දවන, බාහිර බැඳීම් සියල්ල අත හැරලා උතුම් පැවිදි උපසම්පදාව ලබා ගෙන කාය සුචරිතය, මනෝ සුචරිතය, වාග් සුචරිතය පුහුණු කිරීමේ අර්ථයෙන් සංඝරත්නය සුපටිපන්න ගුණයෙන් යුක් ත වෙනවා.
රාහුල කුමාරයා, නන්ද කුමාරයා, අත හැරදා පැමිණි ධන සම්පත්, රාජ සම්පත් ද, උපතිස් ස, කෝලිත, පිප්ඵලී බමුණු තරුණයන් අත හැරදා පැමිණි ධන සම්පත්, භෝග සම්පත්, උරුවෙල කාශ්‍යපයන් හැරදා පැමිණි පරිවාර සම්පත් ද මහා සංඝරත්නයේ සුපටිපන්න ගුණය ශක් තිමත් කළ ධර්මතාවයන් වෙනවා.
බාහිර කෙලෙස් ධර්මයන් ගෙන් වන පලිබෝධ අත හැරීම, දුරු කිරීම නිසා ම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළට එම භික්ෂුව අවතීර්ණ වෙනවා. බුදුරජාණන් වහන්සේ ඇට් ටේරියා වනයක වැඩ සිටියදී තම දෝතට ඇට් ටේරියා කොළ අහුරක් අරගෙන දේශනා කරනවා ‘මහණෙනි, මා ඔබට දේශනාකර ඇති ධර්මය මේ මගේ දෝතේ තිබෙන ඇට් ටේරියා කොළ ටික වගෙයි. මා උතුම් සම්මා සම්බුද්ධ ඤාණය තුළින් අවබෝධ කොටගත් ධර්මය, මේ ඇට්ටේරියා වනයේ ඇති සියලූම කොළ ප්‍රමාණය වගේය කියලා.
‘මහණෙනි, මා දේශනා නොකරන ලද දෙය බොහෝය. කුමක් හෙයින් මා මේවා දේශනා නොකරන ලදද? මේවා වැඩ සහිත නොවේ, බඹසර පිණිස නොවේ, විරාගය පිණිස නොපවතී, නිරෝධය පිණිස නොපවතී. එහෙයින් මා විසින් ඒවා දේශනා නොකරන ලදී. මා විසින් දේශනා කරන ලද්දේ, මේ දුක යැයි දේශනා කරන ලදී. මේ දුකේ හට ගැනීම යැයි දේශනා කරන ලදී. මෙය දුකෙන් වැලකීම යැයි දේශනා කරන ලදී. මෙය දුක නැති කරන මාර්ගය යැයි දේශනා කරන ලදී. කුමක් හෙයින්ද? මේ බඹසරට මුල්වී, විරාගය නිරෝධය පිණිස ම හේතුවෙන නිසාය’ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.