විඤ්ඤාණය
පංචඋපාදානස්‌කන්ධ ධර්මයන්ට අදාළව විඥ්ඥානය ගැන සටහන් තබන මොහොතේ පිංවත් ඔබ දක්‍ෂවෙන්න අනුනගේ පංචඋපාදානස්‌කන්ධයන් ගැන නොසිතා, නොසොයා තම පංචඋපාදානස්‌කන්ධයේ ක්‍රියාකාරීත්වය ගැන දකින්න. අනුන් හරි දේ කළත්, අනුන් වැරදි දේ කළත් පිංවත් ඔබට ඇති ඵලයක් නැහැ. අනුන් අවංක වුවත්, අනුන් වංක වුවත් ඔබට ඇති ඵලයක් නැහැ. ඔබට අර්ථයක් තිබෙන්නේ අනුන් නිසා සකස්‌වෙන ඔබේ සිතිවිලිවල අනිත්‍යභාවය දැකීමයි. බාහිර ලෝකයට, ලෝකයේ ස්‌වභාවයෙන් ඉන්නට හැරලා, භාහිර ලෝකය නිසා ඔබ තුළ සකස්‌වෙන සිතිවිලිවල අනිත්‍යභාවය පමණක් දකින්න ඔබ දක්‍ෂවෙන්න. බාහිර ලෝකය ප්‍රශ්නාර්ථයක් ලෙසින් දකිනු වෙනුවට ඔබ නිහඬව ඔබේ ප්‍රශ්නය විසඳාගැනීමට දක්‍ෂවෙන්න.
පිංවත් ඔබ ලෝකයාට විවෘත වෙන්න ගියොත්, ලෝකයේ ප්‍රශ්න ඔබේ ප්‍රශ්නයක් බවට පත්කොටගෙන, ඔබද ඇවිලෙන පංචඋපාදනස්‌කන්ධයක් වේවි. රූපයක් කෙරෙහි ඇලීම, ගැටීම, උපේක්‍ෂාවීම, හඳුනාගැනීම, හඳුනාගත්දේ ගැන සිතීම හේතුවෙන් සකස්‌වෙන විඤ්ඤdණය කථාකරන හඬ පිංවත් ඔබට සමාජයෙන් නිතරම ඇසෙනවා.
මට ඕනෑම ලෙඩක් සුවපත් කරන්න පුළුවන්, මට කරන්න බැරි වැඩක් නැහැ, මට වැස්‌ස නවත්වන්න පුළුවන්, මට ආණ්‌ඩු පෙරළන්න පිහිටුවන්න පුළුවන්, මම කිව්වොත් එයා ඕනෑම දෙයක් කරනවා, මම තමයි එයාව ඔය තැනට ගෙනාවේ…. ආදී දැනීම් හේතුවෙන් සකස්‌වෙන මෙවැනි වචන සමාජයෙන් ඇසෙනකොට, තමාගේ හැකියාවන් පිළිබඳව සීමාවන් ඉක්‌මවා ගිය පුරසාරම් කියනකොට, මේ ඔබ දකින්නේ විඤ්ඤdණය නමැති මැදහත්කරුවාගේ සක්‌කාය දිට්‌ඨිය පෝෂණය කිරීමේ ක්‍රියාවලිය බව පිංවත් ඔබ නුවණින් තේරුම්ගත යුතුව තිබෙනවා. ජීවිතය තුළින් ධර්මය මතුකොටගත් තැනදී ජීවිතය කියන්නේ ධර්මයක්‌මයි. ජීවිතය පිරිහෙන්නේ නැහැ. ජීවිතය තුළින් අධර්මය මතුකොටගන්න තැනදී ජීවිතය කියන්නේ අධර්මයක්‌මයි. ඔබ නැවත නැවත පිරිහීමට පත්වෙනවා.
ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්‌සේ සතර සතිපට්‌ඨාන ධර්මයන් මෝදුකොට ගනිමින් පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකින පිංවත් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, අචල ශ්‍රද්ධාවක් බවටත්, ශීලය ආර්ය ශීලයක් බවටත් පත්කොටගෙන, උතුම් සෝවාන් ඵල අවබෝධය ලබා අනාගතය භවගමන ආත්මභව හතකට සීමාකොට ගන්නවා. ගිහි පිංවතුන්ලා මේ ඉලක්‌කය සපුරාගතහොත් ඔබට අනාගතයේ විඳින්න සිදු වන දුක ගැන බුදුරජාණන්වහන්සේ මෙහෙම උපමාවක් දේශනා කරනවා. මහ පොළොවෙන් පස්‌මිටක් අතට ගෙන බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කරනවා සෝවාන් ඵලයට පත්වූ පිංවතා අතීතයේ වින්දා වූ දුක් මහ පොළොවේ පස්‌වලට සමාන බවත්, ඔහුට අනාගතයේ විඳින්නට ඇත්තේ අතේ තිබෙන පස් ප්‍රමාණයට සමාන දුකක්‌ය කියලා.
ඉහත උපමාවෙන් , සෝවාන් ඵලය කියන සැබෑම අර්ථය මොන තරම් ගැඹුරු, මොන තරම් තීරණාත්මක, මොනතරම් දුකින් මිදුණාවූ අර්ථයක්‌ද කියන කාරණය පිංවත් ඔබ නුවණින් තේරුම්ගත යුතු වෙනවා. වර්තමාන සමාජය මෙතරම් අර්ථවත්වූ සෝවාන් ඵල අවබෝධය සතියක වැඩසටහනකින් ලබාදෙන තරමට සැහැල්ලුවට ගෙන තිබෙනවා. භාවනා කිරීම නිසා, සිsල්පද සමාදන් වීම නිසා, දන්දීම පිංකම් සිදුකිරීම නිසා තමන් තුළ ඇතිවන සැහැල්ලුව, ප්‍රීතිය, පස්‌සද්ධිය පංච නීවරණ යටපත්වූ ස්‌වභාවය සෝවාන් ඵලය ලෙස වරදවා වටහාගත් පිංවතුන්ලා සමාජයේ සිටිනවා. මෙවැනි ස්‌වයං රැවටීම හේතුවෙන්, මේ ලැබුණා වූ උතුම් අවස්‌ථාව එම පිංවතුන්ලා අහිමිකොට ගන්නවා. සෝවාන් ඵල අවබෝධය මගේ කොට ගන්නවා. සෝවාන් ඵල අවබෝධය තුළ මම සිටිනවාය කියලා දකිනවා. මා තුළ නොවෙනස් වන අවබෝධයක් තිබෙනවාය කියලා දකිනවා. සෝවාන් ඵල අවබෝධය මගේ ආත්මය කොට දකිනවා. ඒ ආත්මය තුළ සෝවානඵල අවබෝධය තිබෙනවාය කියලා දකිනවා. පංචඋපාදනස්‌කන්ධය කෙරෙහි තෘෂ්ණාව හිස් කරනවා වෙනුවට, තව තවත් මමත්වයේ දැඩිභාවයට පොහොර දමාගන්නවා.
මම තුළ නොවෙනස් වෙන සෝවාන්ඵල අවබෝධයක් තිබෙනවාය කියන දෘෂ්ටියෙන් සෝවාන්ඵල අවබෝධයට අදාළව තමන් අනුමාන කරන හැසිරීම්, කතාකිරීම්, ඇවතුම් පැවතුම් පැවැත්වීම වැනි චර්යාවන්ගෙන් තම දෘෂ්ටිය තව තවත් ශක්‌තිමත් කොට ගන්නවා. පංචඋපාදානස්‌කන්ධ ධර්මයට අදාළව රූපය, වේදනාව, සංඥාව, ෙච්තනා, විඤ්ඤdණය මාරයා හැටියට දකින්නේ නැහැ. රූපයේ බැසගෙන, විඳීම ජීවිතය කොට ගන්නවා. අතීත සංසාරයේ සම්මා සම්බුද්ධ ශාසනවල පිංවත් ඔබ සෝවාන්ඵල අවබෝධය නොලබා වංචාකාරී ධර්මයන් නිසා, වැරදි මඟපෙන්වීම නිසා තමන් සෝවාන්ඵල අවබෝධය ලැබුවාය කියලා රැවටී උතුම් සෝවාන්ඵල අවබෝධය අහිමි කොටගත් අවස්‌ථා ලක්‍ෂවාරයකට වැඩි බව ඔබ හොඳින් නුවණින් තේරුම් ගත යුතු වෙනවා.