භාණ්ඩ මිලදී ගැනීමේදී පරිස්සමින්

සමහර වෙළද මහත්වරු සිටිනවා ඒ අය පාරිභෝගිකයන්ට විකුණන්නේ බාල භාණ්ඩ. ඒ අය දන්නවා බාල භාන්ඩයක් වික්කොත් ඒවා ඉක්මනට කැඩෙනවා කියලා. ඒ නිසා පාරිභෝගිකයා නැවත නැවත වෙළදපලට එනවා. ධර්මයට පටහැනි දෘෂ්ඨීන් ගන්න පිංවතුන්වත් භික්ෂුව දකින්නේ බාල භාණ්ඩ විකුණන වෙළෙන්දන් වගේ. ඒ අය තම අතවැසියන්ට විකුණන භාණ්ඩ තණ්හා, මාන්න දෘෂ්ඨීන්ගෙන් නිපදවූ බාල භාණ්ඩ. දෘෂ්ඨීන් තණ්හාවෙන් තෙත්වූ තැනදී සිතුවිලි වේගවත්ව කැඩී බිඳී යනවා. එවිට පාරිභෝගිකයා නැවත නැවත මවූකුසවලට එනවා. මේ හේතුවෙන් ඉස්සරහට හොඳ භාණ්ඩ පාවිච්චිකරන අයට වඩා බාල භාණ්ඩ පාවිච්චි කරන පිංවතුන් වෙළදපොලේ ගැවසෙනවා වැඩිවෙනවා.