තෘෂ්ණාවත් හොඳ කෝකියෙක්

කුසගින්න දැනෙන්නේ උදරයට විතරක් නොවේ. සිතටත් කුසගින්න දැනෙනවා. සිත නිරතුරුව වළදන්න කැමති මනොසන්චේතනා ආහාරයන්. එය පිගානකට බෙදාගෙන වළදන ආහාරයක් නොවේ. පස්සය නිත්‍යභාවයෙන් ගන්න තැනදී මේ ආහාරය සකස් වෙනවා.

මනෝසංචේතනා ආහාර උයන කෝකියාට තෘෂ්නාව කියලයි කියන්නේ. එයාගේ අහාර වට්ටෝරුවේ ඇලීම්, ගැටීම්, උපේක්ෂා කියලා රසයන් තුනක්ම තිබෙනවා. සිතට මනෝසංචේතනා ආහාර වළදන්න පස්සය කැමති, අකමැති රුප සොයලා දෙනවා.

ධර්මයෙන් ඇත් වු සිතක්‌ ලෝභ, ද්වේශ, මෝහ මනෝසංචේතනාවන්ට ගොඩාක් කැමතියි. ධර්මයෙන් පෝෂණය වූ සිතක් ආලෝභ, අද්වේශ, අමෝහ මනෝසංචේතනාවන්ටම ගොඩක් කැමතියි. මේ ආහාර දෙවර්ගයෙන්ම භවයේ පෝෂණය සදහා කුසල් අකුසල් වැඩෙනවා. පිංවත් ඔබගේ සිත දෙසට මොහොතක් හැරී බලන්න. නිරතුරුවම ඔබ මනෝසංචේතනා ආහාරයන් වළදමින් නේද සිටින්නේ ? පිංවත් ඔබ පරිස්සමින්. බඩේ අමාරුවක් හැදුනා වගේ නොවේ, සිතේ අමාරුවක් හැදුනොත්. ගොඩාක් අකුසල්මයි සිද්ධවෙන්නේ.