මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්‍ය්‍ය වඩමින්, නිවන් මඟ පුරන, ‘දක්ෂ’, ගිහි පැවිදි උතුමන්ට පමණක් මේ අහිංසක ව්‍යායාමය උපකාරයක්ම වේවා! ශක්තියක්ම වේවා! මාර්ගයක්ම වේවා! තම තමන්ට වැටහෙන ප්‍රමාණයට, තම තමන්ගේ ජීවිත වලට ගලපාගනිත්වා! අර්ථ හෝ ව්‍යාකරණ වැරදි ඇතොත් ඔබ නොකළ වරදකට නොගැටේවා! අනුනටද අනුකම්පා කෙරේවා! වැරදි නැතොත් නිවැරදි දෙය නිවැරදි ලෙස දකීවා! මෙහි සටහන් හැම අර්ථයක් තුළින්ම ඔබ සැමට යහපතක් වේවා! තමා තමාටම පිහිටකොට ගනිත්වා… යැයි උන්වහන්සේ ඒ පොත් පෙළ ඇරඹුමේ ලියා ඇත්තාහ.
- භවයේ උගුලද අගුලද මෙයම ය
- සාරසංඛ කල්ප ලක්ෂයක් පෙරුම් පිරීමේ අවසන් පරමාර්ථය මෙය නොවේ ද?
- කසපහර තුන්සියය ඉවසන්න පිංවත! මන්ද…
- ආයතන හයක මරණානුස්සතිය නුවණින් දකින්න
- තුන් කාලයටම ගලපා රූපයේ අනිත්‍යභාවය දකින්න
- කාලය මවනා වෙනසක යථාර්ථය විනිවිද දකින්න
- අනිත්‍යය නොදැක අනාගතය රැස්කරන අදක්ෂයෙක් නොවන්න
- ඕනෑම අකීකරු ලෝක ධර්මයක් ඉදිරියේ නොසැලී සිටින්නට නම්…
- ඔබ ඇසුණ, දුටුව, දැනුණ තැන නැවතුණු බුදුන්ගේ දරුවෙක්මය
- සත්වයා භවයට ගාල් කිරීමේ මුල් පියවර – වේදනාව
- සැපත්, දුකත්, උපේක්ෂාවත් අනිත්‍යයෙන් විනිවිද දකින්න
- අතීතය සිහිනයක් පමණයි වත්මනද ඒ වගේමයි
- ඊළඟ මොහොත මේ මොහොතෙන් වෙනස් වන්නේ කුමක් නිසාද?
- හඳුනාගැනීම කාලයට අනුව වෙනස්වන හැටි දකින්න
- ඊයේ අද මෙන් හෙටටත් හඳුනගන්නේ මායාවක්
- සිතිවිල්ල සංස්කාරයකට උපත දෙන බව සිතුවාද?
- ‘සිතීම’ පහසුයි – ‘භවය’ අපහසුයි
- සංස්කාරයෝ අනිත්‍යයි, කටුකයි, බියකරුයි, රුදුරුයි
- අවිද්‍යාවේ අකුසල් නිධිය විපාක දෙන්නේ මෙසේය
- මගේ මළකඳ තුළිනුත් ඔබ ධර්මයම දකින්නේ නම්
- විඤ්ඤාණයේ අනාගතයට සංස්කාර අස්වද්දාගන්නා රඟ දකින්න
- උප්පැන්නයෙන් එහා ඔබේ සැබෑ වයස ගැන සිතන්න
- සංසාරයත් සංස්කාරත් අතර ඇති සංසිද්ධිය කෙසේද යත්…
- කබරයෙක් කියාදුන් සංස්කාර පිළිබඳ පාඩම
- විශේෂයෙන් දැනගත් දේ එලෙසින්ම රැඳුනේද?
- ඊයේත් අදත් හෙටත් විඤ්ඤාණයේ හිස් බව දකින්න
- ඔබ සංස්කාර තුරුල් කරගෙන නලවනවා නොවේ ද?
- මාරයන් දෙදෙනෙකුගේ දාසයෙක්ද ඔබ?
- අනුන් තුළ පමණක් නොව, තමා තුළද සිටින මාරයා හඳුනාගන්න
- ‘මම මෙහෙම කෙනෙක්’ කියන මනෝලෝකයේ සිරකරුවෙක් නොවන්න
- අනුන් ඔබට කරන කියන දෙය නොව එයින් ඔබ තුළ ඇතිවන දෙය විමසන්න
- බාහිර ලෝකය ප්‍රශ්නාර්ථයක් ලෙසින් දකිනු වෙනුවට ඔබ නිහඬව ඔබේ ප්රශ්නය විසඳාගන්න
- ඔබ විසින්ම ඔබ රටවා ගැනීමේ විපාකය දන්නේ ද?
- දැනුම පළිබෝධ සහිතයි – අවබෝධයෙන් පරිහරණය කරන්න
- පංච උපාදානස්කන්ධය අවබෝධයෙන් දැක, මේ වියවුල් සහිත ලෝකයම සංසිඳවන්න
- මාරයාගේ ස්වයං වර්ණනාවට හෝ ස්වයං විවේචනයට නොරැවටෙන්න
- සංස්කාර යනු පංචඋපාදානස්කන්ධ මාරයාගේ තවත් නිෂ්පාදනයක්මය
- දෑස් හැරගෙනම ඔබ කරන භාවනාව කුමක් ද?
- ශීලයේ පලුදු බුද්ධානුස්සතියෙන් පිරියම් කර සොඳුරු ආරම්භයක් ගන්න
- බුද්ධානුස්සතියට පූර්වකෘත්‍යයක් ලෙසින් ඔබ බුදුසමයෙන් එපිට අතීතයට යන්න
- ඔබ පය තබාගෙන සිටින පොළොව ඔබ උදෙසා බෝධිසත්වයන් දන් දුන් ශරීර මාංශයම නොවේද?
- බුද්ධත්වයට පෙර අවධිය දක්වාද බුදු ගුණය දකින්න
- ඒ විශිෂ්ටත්වයන් ඇත්තේ බුදුන්වහන්සේ තුළම පමණි…
- මේ භයංකාරත්වය බුදුවරයකුම හැර වෙන කව්රුන් ඔබට පහදා දෙන්නද?
- ඒ අසිරිමත් බුද්ධ ඥානයට මෙසේ වූ හැකියාවන්ද ඇත්තේය
- දැවෙන සිත් නිවුනු සිතින් දමනය කළ උන්වහන්සේගේ පුරිසධම්ම සාරථි ගුණය…
- අවසන් බුදු වදනේ පවා විහිදුනේ ඒ මහා කරුණා ගුණයයි…
- අයාලේ දුවන ඔබේ සිත බුදු ගුණයක් අභියස තැන්පත් කරන්න…
- ඔබේ නින්ද ද බුදුගුණයක් තුළම සතපවන්න